නිලන්ත මදුරාවල, පර්සි කුරුනේරු,
We are a concerned group of academics fighting to ensure the opportunity of high quality public higher education for the Sri Lankan masses. This blog is intended as a bulletin board to share news and ideas relevant to the cause. The views and opinions expressed here do not necessarily represent the views and opinions of the FUTA. If you wish to post any interesting articles please e-mail them to uteachers.sl at gmail.com

Wednesday, January 11, 2012
සත්‍යග්‍රහය නවත්වා රජරට සිසුහු පා ගමනක් පවත්වා විසිර යති
Divaina, 11/01/2012
නිලන්ත මදුරාවල, පර්සි කුරුනේරු,
රජරට විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය ඉදිරිපිටින් ඉවත් වන ලෙසට අධිකරණය දී තිබූ නියෝගය නොතකමින් තවදුරටත් සත්‍යග්‍රහයේ යෙදීමට එහි සිසුන් ගත් උත්සාහය පොලිසිය විසින් ඊයේ (10 වැනිදා) වළක්‌වන ලදී.
සාලියපුර පිහිටි වෛද්‍ය පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමෙන් අනතුරුව ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සත්‍යග්‍රහයේ යෙදී සිටි සිසුන්ට පෙරේදා (09 වැනිදා) මධ්‍යම රාත්‍රි 12 ට පෙර ඉවත් වන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රුවන්තිකා මාරපන මහත්මිය විසින් නියෝග කර තිබිණි.
සත්‍යග්‍රහයේ යෙදී සිටි ස්‌ථානයේ තිබූ අට්‌ටාලය එම නියෝගයට අනුව වෙන ස්‌ථානයකට ගෙන ගොස් යළි සත්‍යග්‍රහයේ යෙදීමට සිසුන් ඊයේ (10) දා පෙරවරුවේ උත්සහ කළ අතර එම අවස්‌ථාවේ අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී රාජා වික්‍රමනායක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් පැමිණ කරුණු පහදා දී ඔවුන් ඉවත් කිරීමට පියවර ගත්හ. බස් රථ වලට නැගී සිසුන් එම ස්‌ථානයෙන් ඉවත් වුවද යළි අතරමගින් බැසගත් සිසුහු විරෝධතා පාගමනක් පවත්වා විසිර ගියහ.
නිලන්ත මදුරාවල, පර්සි කුරුනේරු,
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment