This articl that originally appeared in the Ravaya newspaper on 06/01/2012 was sent to the blog by Prof. Milton Rajaratne.
The .pdf version can be downloaded at google docs by following this link.
Also at Scribd.
University Problem MiltonRajaratne
(මහාචාර්ය මිල්ටන් රාජරත්න)
පසුගිය අවුරුද්ද දෙක තුළ ශ්රී ලංකාවේ විශ්ව විද්යාතලවල අර්බුද යළි උග්රරවන්නට පටන්ගත්තේය. විශ්ව විද්යානලවල තිබෙන අර්බුදය ඒ ඒ පුද්ගලයන් විසින් එකිනෙකට වෙනස් ආකාරයෙන් අර්ථ දක්වනු ලැබේ. සාමාන්යර සමාජය විශ්ව විද්යාශල අර්බුදය ලෙස සලකන්නේ නවක වදය යි. රජය විශ්වාස කරන්නේ සරසවි ශිෂ්යි සංවිධාන ජේවීපිය විසින් මෙහෙයවනු ලැබීම විශ්ව විද්යා්ල අර්බුදය ලෙසයි. සරසවි සිසුන්ගේ ආකල්පය වන්නේ ආණ්ඩුවේ දේශපාලකයන්ගේ මැදිහත්වීමෙන් සරසවි තුළ අර්බුද හටගන්නා බවය. ආචාර්යවරුන් දකින්නේ උසස් අධ්යා පනය නිසි ප්රබමිතියකින් පවත්වාගෙන යාමට ප්රනතිපාදන, පහසුකම් සහ නිසි දැක්මක් නොමැතිකම සරසවි අර්බුදය ලෙසය.
මේ කුමන අයුරින් හඳුනාගනු ලැබුවද එම සෑම හේතුවක් නිසාත් සරසවිවල ඇතැම් අධ්යමයන කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් නිසාත් විශ්ව විද්යා්ල අර්බුදයට ගොස් තිබේ. වෙනත් ආයතනවල මෙන් නොව විශ්ව විද්යායල අර්බුදය මුහුකුරා ගොස් ඇතැම් කාලවල පුපුරා යන්නට පටන් ගනී. මෙවැනි අවස්ථා කීපයක්ම ඉතිහාසය තුළ දක්නට ලැබුණි. 1971 කැරැල්ල සමයේ විශ්ව විද්යානල අර්බුදය පුපුරා ගියේය. ඉන් පසු අධ්යාිපන ධවල පත්රිැකාව හඳුන්වා දුන් 1983 දී ද සරසවි අර්බුදය පැනනැංගේය. නැවත, 1988-89 භීෂණ සමයේ දී විශ්ව විද්යානලය උග්ර ලෙස අර්බුදයට ගියේය. ඉන් පසුව එළඹුණු කාලය තුළ ඒ ඒ විශ්ව විද්යාසල තුළ අනර්ථකාරී සිදුවීම් හට ගැනුන ද සමස්ථයක් ලෙස විශ්ව විද්යා8ල පද්ධතිය තුළ සාපේක්ෂු සංහිදියාවක් පැවතුණි. විශ්ෂයෙන්ම පේරාදෙණිය විශ්ව විද්යාපලය තුළ යහපත් සාමකාමී පරිසරයක් නිර්මාණය වී තිබිණ.
ඒ තත්වය වෙනස් කරමින් පසුගිය අවුරුදු එක හමාර දෙක තුළ පේරාදෙණිය ද අර්බුදයට ගියේය. අද එහි දක්නට ලැබෙන්නේ විනාශකාරී සිදුවීම් පෙළක් නිර්මාණය වීමට තිබෙන පසුබිමකි. පේරාදෙණිය විශ්ව විද්යාුලය පීඨ අටකින් සහ නේවාසිකාගාර සමූහයකින් සැදුම්ලත් දහස් ගණනක නේවාසික ශිෂ්යි ප්රහජාවක් සහිත පුළුල් විශ්ව විද්යාිලයකි. ශ්රීෂ ලංකාවේ තිබෙන පුළුල්තම විශ්ව විද්යාකලය වශයෙන් පේරාදෙණියට පැවැරෙන සමාජ වගකීමද අතිශයින් පුළුල්ය. පේරාදෙණිය අර්බුදයට යාමෙන් එම සමාජ වගකීම ඉටුකිරීමට නොහැකි වෙනවා පමණක් නොව ශ්රීය ලංකා විශ්ව විද්යාරල ක්රිමයේ මුදුන් මුලට ද පහර වදින්නේය.
පේරාදෙණිය විශ්ව විද්යාරලයේ අර්බුදය වෙනත් විශ්ව විද්යාරලවලට පොදු හේතු මත ද පේරාදෙණියට විශේෂ වූ හේතු මත ද නිර්මාණය වී තිබේ. පන්ති කාමර හා දේශන ශාලා හිඟය සහ ඒවායෙහි ගුණාත්මක භාවයක් නොතිබීම, නේවාසික පහසුකම් දුර්වලවීම, රසායනික ද්රකව්ය හිඟය, රසායනාගාර සහ තාක්ෂ්ණ පහසුකම් දුර්වලවීම, සායනික පහසුකම් අවමවීම, ආචාර්ය මණ්ඩල හිඟය යනාදී බොහෝ පොදු හේතු ඒ අතර වේ. මේ සෑම ගැටළුවක්ම පැනනගින්නේ විශ්ව විද්යාාලවලට රජය විසින් කරනු ලබන මූල්ය ප්රීතිපාදන ප්රශමාණවත් නොවීම මත සහ අවුරුද්දක් පාසාම වැඩි වැඩියෙන් සිසුන් විශ්ව විද්යාදලවලට බඳවා ගැනීමට සිදුවීම නිසාය. එහි අවසන් ප්ර්තිඵලය වන්නේ සරසවිවල ඒක ශිෂ්යබ අධ්යාටපන සහ සුබසාධන මට්ටම පිරිහීමය. එය විශ්ව විද්යාාල අධ්යානපනයේ සමස්ථ පිරිහීම පිළිබිඹු කරයි. එම පිරිහීමෙන් විඳීමට සිදුවන පීඩාව වර්ධනය වන විට තරුණ ශිෂ්යවන්හට උද්ඝෝෂණ කිරීමට මගක් පෑදෙන්නේය. ඔවුන්ගේ ඉවසීමේ ගුණය යටපත්ව විශ්ව විද්යාසල පරිපාලනයත් රජයත් සමග රණ්ඩු කිරීමට ඔවුන් පෙළඹෙන්නේය.
මෙම පොදු හේතු සාධකවලට අමතරව පේරාදෙණියට සුවිශේෂ හේතු තුනක් මත පේරාදෙණිය අර්බුදයට ගොස් තිබෙන බැව් අපගේ විශ්වාසයයි. ඉන් එකක් නම් පසුගිය වසරේ උසස් අධ්යාරපන ඇමතිවරයා පේරාදෙණිය සරසවියේ සුළු විවෘත කිරීම් දෙකකට සහභාගී කරවා ගැනීමෙන් පැනනැගුණු තත්වයයි. දෙවැන්න වන්නේ ආචාර්ය මණ්ඩලයේ ඇතමුන් ශිෂ්ය යන් ඡායාරූප ගතකොට ඔවුන්ගේ අනාගතය විනාශ කිරීමට ක්රි යා කිරීමයි. තුන්වැන්න වන්නේ කළමනාකරණ පීඨයක් ස්ථාපිත කිරීමේ උත්සාහයේ දී කළමනාකරණ අධ්යකයන අංශය පෙන්වූ අවෘත්තීය (Unprofessional) හෙවත් දුප්පත් ක්රිකයා පිළිවෙතයි. පේරාදෙණියේ පීඨ අටක් පැවැතුණ ද ඉහත දැක්වූ සිද්ධි තුනම ශාස්ත්රු පීඨයේ ක්රිියාවන් නිසා හටගැනුණි. එබැවින් පේරාදෙණියේ අද උද්ගතවී ඇති අර්බුදයට සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබෙන්නේ එහි ශාස්ත්රි පීඨය යි. මෙම මුල් සිද්ධි දෙක තුළ එක් රහසක් ගැබ් වී තිබේ. එනම්, ඒවා උසස් අධ්යා්පන දේශපාලන බලධාරීන් පිනවීම පිණිස යොදා ගත් ඒවා වීමය.
එක් වරක් විවෘතකර තිබුණු පේරාදෙණියේ නීති දෙපාර්තමේන්තුව යළි විවෘත කරවා ගැනීමට සහ ඇමතිවරයකු තබා ප්රාදදේශීය සභා මන්ත්රීාවරයකු ලවා වත් විවෘත කරවා ගැනීමට නුසුදුසු ඉතා කුඩා පරිගණක ඒකකයක් විවෘත කරවා ගැනීමට ශාස්ත්රි පීඨ පරිපාලනය විසින් උසස් අධ්යාතපන ඇමතිවරයාට ආරාධනය කරන ලදී. ඒ සඳහා උප කුලපතිවරයා දැනුවත්ව නොසිටි බැවින් උසස් අධ්යාතපන ඇමතිවරයාට විශ්ව විද්යාීලයෙන් ලබාදිය යුතුව පැවැති ගෞරවාන්විත පිළිගැනීම පවා ලබාදීමට හැකියාවක් නොවීය. එම සිද්ධියේ දී උසස් අධ්යාැපන ඇමතිවරයා පේරාදෙණියට කැඳවාගෙන ආවේ හොර රහසේම ශාස්ත්රම පිඨයේ පස්සා දොරිනි. එපමණක් නොව ඇමතිවරයාට නිසි ආරක්ෂාණවක් ලබාදීමට හැකියාවක් ද නොතිබිණ. නීති දෙපාර්තමේන්තුව විවෘත කිරීමේ අවස්ථාවේ දී සරසවි සිසුන් ඇමතිවරයාට අවමන් වන පරිදි ඝෝෂා කළ බවත් හූ කී බවත් පසු දින පුවත්පත් වාර්තා කර තිබුණි. මේ අයථා සිදුවීම් සලකා බලා උප කුලපතිවරයා සියළු ආචාර්යවරුන්ට අවවාදාත්මක ලිපියක් යොමුකරමින් ඇමතිවරයකු සහභාගී කරගන්නා උත්සව උපකුලපති වරයාගේ අනුදැනුමකින් තොරව සංවිධානය කිරීමෙන් වලකින ලෙස තරයේ අවධාරණය කර සිටියේය. ඇමතිවරයාට බාධා කළ සිසුන් වීඩියෝ දර්ශන අනුසාරයෙන් හඳුනා ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවැරුණු අතර සිසුන් කීපදෙනෙක් අත්අඩංගුවට පත්විය. ඉන් පසු පේරාදෙණිය ශිෂ්යේ සංගමය සිසුන් නිදහස් කරදෙන ලෙස විශ්ව විද්යාවල පාලන අධිකාරියට නිරන්තරයෙන් බලකර සිටීමට පියවර ගත්තේය. එම පියවර පන්ති වර්ජන, පෙළපාලි, උද්ඝෝෂණ, පරිපාලන ගොඩනැගිල්ල වැටලීම යනාදී ක්රිරයාමාර්ගවලින් සමන්විත විය. මෙහි ප්රපතිඵලය ලෙස ඉගැන්වීම් අඩපණ වීම, පරිපාලනය කෙරෙහි ශිෂ්යව පිළිගැනීම පළුදුවීම සහ කඩාකප්පල්කාරී ක්රි යාවලට සිසුන් පෙළඹීම සිදුවිය.
ඇවිස්සී සිටි සිසුන්ට උසස් අධ්යා පන අමාත්යංලයේ ශිෂ්යෙ ව්යාසපාර මර්ධන එළඹුමත්, යෝජිත පෞද්ගලික විශ්ව විද්යාසල පනතත්, නව විශ්ව විද්යාසල ආරක්ෂ්ක සේවයත්, යෝජිත විශ්ව විද්යාීල පොලීසියත් විසින් අධිශක්ති ජනක උත්තේජකයක් එන්නත් කරනු ලැබීය. සරසවි තුළට සිසුන් අකැමැති දේශපාලන බලපෑමක් එල්ලවීමත්, සරසවියට වෙන්කොට ඇති මුදල්වලින් විශාල ප්ර්මාණයක් නව ආරක්ෂධක සේවය වෙනුවෙන් ගෙවීමට සිදුවීමත්, පෞද්ගලික විශ්ව විද්යාීල ක්රණමයට එරෙහිවීමත් යන කරුණු මත සිසුන් උද්ඝෝෂණ කෙරෙහි යොමුවූ අතර නුවර-කොළඹ විරෝධතා පෙළපාලියක් ද සැලසුම් කරන ලදී. එම පෙළපාලිය උසාවි නියෝගයක් මගින් තහනම් කර තිබුණු බැවින් සිසුන් තවත් කෝපාවිශ්ට විය. තවද විශ්ව විද්යාිලය පමණක් නොව, බැංකු ශාඛා කීපයකුත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, තැපැල් කාර්යාලයත් යනාදී ආයතන රැසක් ද ආවරණය වන පරිදි විශ්ව විද්යා්ලයට ඇතුළුවීමට හා පිටවීමට හැකි සෑම ස්ථානයක්ම වට කොට දරුණු ත්රිස්තවාදීන්ට අටවන මරුවැල් අටවා තිබිණ. සමූහ මිනිස් ඝාතන සිදුකිරීමට සමත් කම් ඇති අවි දැරූ පොලිස් සහ හමුදා බල ඇණි අවට යොදවා තිබුණි. ඒ වූ කලි පේරාදෙණියේ සිවිල් ජන ජීවිතය භීතියට පත්කරවූවකි. දරුණු ත්රයස්තවාදීන්ගෙන් ගහණ එදා කිලිනොච්චිය බඳු වූ පෙනුමක් පේරාදෙණියට ලබා දී තිබිණ.
කුපිත වී සිටි සිසුන්ට හොඳ නරක නොපෙනෙන තත්වයක් උදාවී තිබිණ. ශිෂ්ය්යෝ ප්රිජාතන්ත්රඳවාදී ක්රණමවේදය හෝ අනෙකාගේ අයිතිය පිළිබඳ සැලකිලිමත් නොවූහ. එදින පන්ති වර්ජනයක් ද ක්රිරයාත්මක විය. ඔවුහු දේශන නවතන ලෙස ආචාර්යවරයකුට බලකර සිටියහ. ඉගැන්වීම් නවතන ලෙස බල කිරීමට සිසුන්ට කිසිදු අයිතියක් නැති බව අප පිළිගන්නා සිද්ධාන්තයකි. එහෙත් හදිසි අවස්ථාවල දී සිද්ධාන්තවලින් එතරම් ප්රියෝජනයක් නොමැත. අවස්ථාවට උචිත පරිද්දෙන් තීරණ ගත යුතු අවස්ථා ද උදාවේ. සිද්ධාන්තය වෙනුවට සම්මුතිය ක්රිථයාවේ යෙදවීමට ඇතැම් අවස්ථා විසින් බලකරනු ලැබේ. මහා භීෂණ සමයේදී උපකුලපතිව සිටි මහාචාර්ය අර්ජුන අළුවිහාරේගේ දූර දර්ශී ක්රිදයාවන් නිසා සිසු ජීවිත ආරක්ෂාක වූ අයුරු මේ අවස්ථාවේ ආදර්ශයට ගත යුතුව තිබිණ. දේශන නවතා දමන ලෙස සිසුන් බල කර සිටි අවස්ථාවේ ඔවුන්ගේ ඡායාරූප ගැනීම බුද්ධිමත් ක්රි යාවක් නොවන බැව් වටහා ගැනීමට තරම් නුපුළුවන් කමක් මහාචාර්ය වරයකුට නැත. සිසුන් ඡායාරූප ගත කරන්නේ ඒවා රාමු කොට තබා ගැනීමට නොව ඒවා යොදාගෙන සිසුන් දඩයම් කිරීමේ චේතනාවෙන් බැව් සිසුහු දනිති. මෙවැනි ක්රි්යා මගින් දේශපාලකයන් අභිමුව තාවකාලිකව ජනප්රිසයවීමට කදිම අවස්ථාවක් ලැබෙතත් එමගින් තම වෘත්තීය ජීවිතයටත්, විශ්ව විද්යාරල ක්රවමයටත් සදාකාලික හානියක් සිදුවන බැව් ආචාර්යවරුන් කල්පනා කළ යුතුය. එහිදී හටගත් ගැටුම පිළිබඳව අදාළ ආචාර්යවරයා විසින් ප්රසථමයෙන්ම කළ යුතුව තිබුණේ පීඨාධිපතිට වාර්තා කොට නිසි ක්රි්යාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටීමය. එහෙත්, සාමාන්යත පරිපාටියෙන් බැහැරව, එම සිද්ධිය උසස් අධ්යා්පන ඇමතිවරයා අමතා ඒ මොහොතේදී ම සෘජු ලෙස පැමිණිලි කරන ලද බැව් අනාවරණය විය.
පෙළපාලි යාමට සැරසීමත්, ආචාර්යවරයකුට පහර දීමත් යන ක්රිමයාවල ප්රයතිඵලය ලෙස ශිෂ්යල සංගම් තාවකාලික තහනමට ලක්විය. එම තහනම ඉවත් කරවා ගැනීමට ශිෂ්යය උද්ඝෝෂණ දැඩි කරන ලදී. මේ අතර අප කාගේත් දැඩි අවධානය යොමුවිය යුතු එක්තරා හැඟීම් බර පණිවුඩයක් පේරාදෙණියේ කලාගාරය අසළ දැන්වීම් පුවරුවක මෙසේ සටහන් කරනු ලැබ ඇත්තේය:
දැල්වුණු නිදහසේ ඉගෙනුමෙ පහන් සිල
හොල්ලා නිවන්නට සැරසෙන අමන රැල
අල්ලා ඉවත ලන සටනට වැදුනු කල
ඉල්ලන්නේ ලේ ද එහෙනම් ගනිව් බොල
මෙයින් දෙන පණිවුඩය ඉතා භයංකරය. මෙවැනි වැකි සරසවි තුළ අප විසින් දක්නා ලද්දේ 1988-89 මහ භීෂණ සමයේ දී පමණි. මෙම කවෙන් ඉඟි කෙරෙන්නේ අනාගත අසුබ ලකුණක පෙරනිමිත්තක් නොවේද? පරිපාලනයත්, දේශපාලනයත්, ආචාර්යවරුනුත්, සිසුනුත් එකට එක කිරීමෙන් වර්තමානය ඛේදජනක අනාගතයකට පරිවර්තනය වන්නට ඉඩ තිබේ. ආචාර්ය මණ්ඩලය, පරිපාලනය, අමාත්යංේශය මෙන්ම සිසුන්ද මැදහත් ලෙස කටයුතු කිරීම විනා එකිනෙකාගේ ප්රඩදේශ ආක්රමමණය කිරීමෙන් තත්වය සමනය කරගැනීමට අවස්ථාව උදානොවන බැව් දැනගෙන ක්රිනයා කළ යුතුය. සරසවි අර්බුදය පුපුරා ගිය 1988-89 කාලයේ අප මුහුණ දුන් භීෂණය බඳු භීෂණයක් යළි පණ ගැන්වෙන ක්රිියාවලින් සියළු දෙනා වැළකී සිටිය යුතුය. දේශපාලකයන් පිනවා තනතුරු ලබාගැනීමේ දුෂ්ට චේතනා සරසවි අර්බුදයට මූල හේතුවක් වන බැව් දැනගෙන ක්රිතයා කළ යුතුය.
දේශපාලනය දැඩි ලෙස රිංගා ගත් ජයවර්ධනපුර සහ කැළණිය සරසවිවල උද්ගත වූ තත්වය පේරාදෙණියටත් ගෙන්වා ගැනීමෙහි ප්රරයෝජනයක් වේද? සිසුන් හා නිරන්තරයෙන් ගැටීමෙන් විශ්ව විද්යානල අධ්යාමපනය ඵලදරයි ද? සිසුන් රජය පෙරළා දමාවියයි බියවිය යුතු ද? ආචාර්යවරු උද්ඝෝෂණ කරන විට ඔවුන්ට එරෙහිවත්, සිසු උද්ඝෝෂණවලදී ඔවුන්ට එරෙහිවත්, අනධ්යීයන කාර්ය මණ්ඩල උද්ඝෝෂණ කරන විට ඔවුන්ට එරෙහිවත් ක්රිියා කිරීමෙන් විශ්ව විද්යානල ක්රයමය අප රටේ ආරක්ෂා්වේ ද? විශ්ව විද්යායලය දේශපාලකයන් පිනවීමේ ආයතනයක් කොට ගත යුතුද? විශ්ව විද්යාණලය දේශපාලනයේ පහර කෑමට භාජනය විය යුතු ආයතනයක් ද? පෞද්ගලික ක්රි?යා මගින් එකිනෙකාට තාවකාලිකව සතුටු විය හැකි නමුත් එමගින් සියළු දෙනාට සතුටු විය හැකි යහපත් සහ වැඩදායී විශ්ව විද්යාජල ක්රාමයක් අප රටේ ස්ථාපිත කිරීමට නොහැකිවේ. විශ්ව විද්යාිල ක්රවමයේ සියළු පාර්ශ්ව කරුවන් එකිනෙකාට එරෙහිව ක්රිමයා කරන සංස්කෘතිය විසින් අප රටේ විශ්ව විද්යාරල ක්ර්මය සහතික ලෙස තව තවත් අර්බුදයට පත්කරන්නේය. පෞද්ගලික ආසාවන් මැඩ, දූර දර්ශී පරිකල්පන ශක්තිය මෙහෙයවා වඩා ඵලදායී විශ්ව විද්යාිල ක්ර්මයක් ගොඩනැගීම අප රටේ සුබ අනාගතය පිණිස ක්රිඵයා කරන සියළු දෙනාගේ වගකීම විය යුතුය. ඒ සඳහා ආරම්භ කළ යුතු නව ගමන ශ්රී ලංකා විශ්ව විද්යායලයේ නිර්මාතෘ සර් අයිවර් ජෙනිංග්ස් විසින් 1948 දී ලියන ලද ලංකාවේ විශ්ව විද්යායල අධ්යාාපනය (University Education in Ceylon) නම් පොත් පිංච විශ්ව විද්යාලල ක්රාමයේ සිටින සියළු ප්රනජාව විසින් යළි කියවීම මගින්ම ආරම්භ කිරීම වඩාත් සුදුසු බැව් පෙනේ.
No comments:
Post a Comment