Friday, September 9, 2011

බුලත්විට ඔතන, තෝසේ හදන විදිහට වෛද්‍යවරුන් බිහිකරන්න බෑ - ඇමැති මෛත්‍රිපාල සිරිසේන

Divaina, 09/09/2011

අජිත් අලහකෝන්

බුලත්විට ඔතන ආකාරයට හෝ තෝසේ හදන ආකාරයට වෛද්‍යවරුන් බිහිකළ නොහැකි බවත්, මෙරට පුද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කරන්නේ නම් ඒවා ඉහළම ප්‍රමිතියකින් යුක්‌ත විය යුතු බවත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (08 දා) ප්‍රකාශ කළේය. මඩකලපුවේ ඊයේ පැවැති සංවර්ධන කටයුතුවලට සහභාගි වෙමින් ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙරට රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය විද්‍යාලයේ ඉහළම ප්‍රමිතියක්‌ යටතේ පුහුණුව ලද කණ්‌ඩායමක්‌ බවය.

මෙරට සිටින්නේ අංක එකේ වෛද්‍යවරුන් මිස අංක දෙකේ වෛද්‍යවරුන් නොවන බව කී ඇමැතිවරයා ලෝකයේ ඕනෑම රටක ඕනෑම වෛද්‍යවරයෙක්‌ සමග අභියෝග කළ හැකි මට්‌ටමේ පුහුණුවක්‌ මෙරට වෛද්‍යවරුන්ට ඇතැයිද පැවසුවේය.

වෛද්‍යවරුන් යනු සමාජයේ ඉහළම වටිනාකමක්‌ ඇති පිරිසක්‌ බවද එවන් අයෙකු බිහිකළ හැක්‌කේ ඉහළ ප්‍රමිතියකින් යුත් ස්‌ථානයකින් පමණක්‌ බවද ඇමැතිවරයා කීවේය.

No comments: