Wednesday, December 10, 2014

සරසවි ඇදුරෝ විරෝධතාවේ

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම (UGC) ඉදිරිපිට අද (09දා) දහවල් විරෝධතාවයක් පැවැත්වූවා.
එම විරෝධතාවයට දිවයිනේ විශ්වවිද්‍යාල රැසක ආචාර්යවරුන් පැමිණ සිටි අතර, එම අවස්ථාවට සහභාගී වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුර මහතා අද ට පැවසුවේ දේශපාලනීකරණයට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම ගොදුරු වී ඇති බවයි.
ශ්‍රී ලාංකිකයන් නොවන පුරවැසියන්ට උපකුලපතිධුර පිරිනැමීම, දේශපාලන සබඳතා ඇතිව ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාල තුළට ඇතුළත් කරගැනීම, ශිෂ්‍ය සංගම් සඳහා අවසර නොදීම, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවුල්වාදයට ගොදුරු වීම ආදී ගැටලු මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් මුදල් නොයෙදීම පවතින ගැටලු අතර වන බවයි.
බාහිර උපාධිය මුදලට විකිණීමට තුළින් අභ්‍යන්තර උපාධියේ ප්‍රමිතිය ද, බාහිර උපාධියේ ප්‍රමිතිය ද බිඳවැටෙමින් ඇතැයි පෙන්වා දුන් සභාපතිවරයා, මෙම තත්ත්වය වහාම වෙනස් කළයුතු බවද සඳහන් කළේය. විරෝධතාවයෙන් අනතුරුව ආචාර්යවරුන් පා ගමනින් කොළඹ විශ්වවිද්‍යාලය දක්වා ගමන් කළහ.

හෙරල් සේනාධීර/ ඡායාරූප - ශමීර රාජපක්ෂ
- See more at: http://ada.lk/article/40687/%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92-#sthash.TVH72jva.dpuf

No comments: