Saturday, March 3, 2012

රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යාලයේ ඉඩම් කොටසක් ඉන්දීය සමාගමකට රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යාලයේ ඉඩම් කොටසක් ඉන්දීය සමාගමකට

Sri Lanka Guardian, 03/03/2012

අපගේ පාරම්පරික උරුමයක් හා විශිෂ්ට දැනුම් පද්ධතියක් සහිත දේශීය වෛද්‍ය විද්‍යාවේ කේන්ද්‍රස්ථානයක් වන්නේ බොරැල්ල රාජගිරියේ පිහිටි දේශීය වෛද්‍ය විද්‍යායතනයයි. දේශීය වෛද්‍ය විද්‍යාව ප්‍රචලිත කිරීම හා ජනතාවගේ සෞඛ්‍ය දියුණු කිරීම සඳහා 1967 දී ආරම්භ කළ මෙහි දැනට ආයුර්වේද හා යුනානි වෛද්‍ය පාඨමාලා පැවැත්වේ. වෛද්‍ය සිසුන් 700 ක් හා ආචාර්ය මණ්ඩලය 60 ක් පමණ ඉතා කුඩා සීමිත ඉඩ කඩක් තුළ අපමණ දුෂ්කරතා මැද අධ්‍යයන කටයුතුවල නිරත වෙති. එක් කණ්ඩායමකට සිසුන් 150 ක් පමණ බ`දවාගන්නා අතර පවතින දේශන ශාලා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම ආයතනයේ ප්‍රධාන ශාලාව හා විභාග ශාලාව ද දේශන කටයුතු ස`දහා යොදාගැනේ. නේවාසිකාගාර ද ඉතා කුඩා බිම් කඩක ඉදිකර ඇති බැවින් මූලික අවම පහසුකම් හෝ සිසු සිසුවියන්ට ලබාදී නොමැත.

තත්වය මෙසේ තිබියදී දේශීය වෛද්‍ය විද්‍යාව ආසියාවේ ප්‍රමුඛස්ථානය බවට පත් කරන බවට මහින්ද චින්තනයෙන් ද, මහින්ද චින්තන ඉදිරි දැක්මෙන්ද දස අතේ දිවුරා බලයට පැමිණි මහින්ද රාජපක‍ෂ ආණ්ඩුව දේශීය වෛද්‍ය විද්‍යාලය සංවර්ධනය කරනු වෙනුවට එයට අයත් ඉඩම් කොටසක් ද ඉන්දීය සමාගමකට විකිණීමට කටයුතු කරමින් සිටී. ඉන්දියාවේ මුම්බායි පදනම් කරගත් සීමා සහිත ඇට්ලන්ටිස් සංවර්ධන පුද්ගලික සමාගමට ඩොලර් මිලියන 13 ක වටිනා කමින් යුත් අති සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට දේශීය වෛද්‍ය විද්‍යාල භූමියේ පර්චස් 10.08 ක් විකිණීම ස`දහා වන කැබිනට් මණ්ඩල සංදේශයක් 2011 ජුලි 07 දින උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා විසින් ඉදිරිපත් කර ඇත. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 11/1468/521/031 අංකය සහිතව 2011 සැපතැම්බර් 07 දින සාකච්ඡාවට බ`දුන් කර මහින්ද රාජපක‍ෂ ජනාධිපතිවරයා මූලිකත්වය ගත් කැබිනට් මණ්ඩලයේදී, පර්චස් 10.08 ක එම බිම් කැබැල්ල ඇට්ලන්ටිස් සමාගමට ලබාදීමට එක`ගතාවය ලබාදී ඇත. දේශීය වෛද්‍ය විද්‍යාලය පු`ඵල් කිරීම ස`දහා ඉඩකඩ ලබාගැනීමට එහි ආචාර්ය මණ්ඩලයත්, ශිෂ්‍ය සංගමයත් වසර ගණනාවක් පුරා කරන ලද ඉල්ලීම පසෙක තබා දේශීය වෛද්‍ය විද්‍යාලයේ බිම් කොටසක් ඉන්දීය සමාගමකට ලබාදීමට කටයුතු යොදා ඇත.

දැයේ දූ දරුවන්ට අධ්‍යාපන අවස්ථා පු`ඵල් කර ගැනීම ස`දහා කිසිදු ආකාරයේ සහයෝගයක් නොදක්වන ආණ්ඩුව මෙසේ ධනවතුන් ස`දහා සුඛෝපභෝගී නිවාස ඉදිකිරීමට ඉන්දීය සමාගමකට විශ්වවිද්‍යාලයෙන් ඉඩම් කොටසක් විකිණීම කිසිසේත් අනුමත කළ නොහැකි කටයුත්තකි. ඒ පිළිබ`ද ආණ්ඩුවට විරෝධය පල කරන සමාජවාදී ශිෂ්‍ය සංගමය වහාම ඉඩම් විකිණීම නතර කර එම භූමිය දේශීය වෛද්‍ය විද්‍යායතනයට පවරා දෙන ලෙස බලකර සිටිමු.

නලින්ද ජයතිස්ස

No comments: