Friday, October 19, 2012

ඒකාධිපතියකු හා සටන් වැද.... නොහොත් ම්ලේච්ඡත්වය සහ මුග්ධභාවය සමඟ කළ ශිෂ්ටත්වයේ අරගලය

Divaina, 19/10/2012

හිනිදුම සුනිල් සෙනෙවි

ප්‍රවේශය වෙනුවට සමුගැනීම

පිටිසරබද කඳුකර සීතල ගමක නිල්ල පිරුණු වටපිටාවක අනගාරික ධර්මපාලතුමා විසින් ආරබ්භ වසර 100 ක්‌ පැරණි විදුබිමක හෝඩියේ පංතියේ සිට දහතුන වසර දක්‌වා අඛණ්‌ඩව අකුරු කිරීමට මම වාසනාවන්ත වීමි. නිදහස්‌ අධ්‍යාපනයේ මධුරතම ප්‍රතිඵල සහ අධ්‍යාපනයේ නිදහසේ සොඳුරුතම ස්‌මරණ සහිතව ප්‍රථම පංති සාමාර්ථ හා ස්‌වර්ණ මුද්‍රිකා සමඟ බොහෝ විබැඳුම් සමත් වීමි. 1988/89 භීම සමයේ එක ටයරයේ දැවෙන හිසසුන් සොයුරන්ගේ ක්‌වන්ධ අසලින් පාසල් ගියෙමි. අප වැඩිවිය පැමිණ ලොකු ළමයින් වූයේ එතැනදීය. එතැන් සිට සිව් දශකයක්‌ වන මගේ දිවියේ අඛණ්‌ඩව කරමින් සිටි යමකට කැප කිරීමකට ඉලක්‌කමක්‌ අගයක්‌ ලැබුණේ මේ නුදුරු තෙමස තුළය. ඒ 6% ය. ඔබ එය දනියි. එය මුද්‍රණය කළ ටීෂර්ටය මම දැනුදු හැඳ සිටිමි. ගාල්ලේ සිට කොළඹ තෙක්‌ අනුරාගී අරගල මාවතේ ගැටී උපන් දිය පට්‌ටා සොම්නසින් අතගා බලමි.

ඒ අනුස්‌මරණීය පාගමන අතරත ලංකා ඉතිහාසයේ යෝධ කටයුත්තකට නොහොත් පෑනෙන් ලියූ කඩුවෙන් මකා දැමීමට අසමත් දැවැන්ත ඓතිහාසික ව්‍යqහයකට එක්‌වෙමින් සිටින්නාක්‌ බඳු හැඟීමක්‌ විසින් වෙනස්‌ මත දැරූ අප දහස්‌ ගණනක්‌ එකට බැඳ දමා තිබිණි. ලා නිල්පාට ඇඳුම් ඇඳ ගාලු පාර දිගේ පෙර පාසල්වල පිපි මල් කැකුළු හිටගෙන සිනා පිරි මුවින් ඔවුන්ගේ හෙට දින නිධානය වූ 6% ඉලක්‌කමට අත්පුඩි ගැසූහ. ගුරු ලියෝ ඔවුනට මග කියූහ. මේ දැන් පාසල ඇරි ආ කුඩා දියණියක්‌ සුදු ඇඳුමින්ම තමා පසුකර යන "වෙනස්‌ මිනිසුන්ට" ටොපි බෙදුවාය. ඒ අයට පයිප්පයකින් වතුර දුන් තාත්තා කෙනෙක්‌ මෙසේ කීය. "මහත්තයෝ මේ සටන පාවා දෙන්න එපා. එහෙම උනොත් මේ වතුර වස වේවි". ආදරණීය පියාණෙනි. අපි සටන පාවා නොදුන්නෙමු. හිස්‌ දෑතින් මිනිසුන් සේ වැඩට ගියා පමණි. ලංකාවේ මෑත ඉතිහාසයේ විපරීත අධිබලයක්‌ හිමි රෙජීමයකට විරුදුව ගල් කැටයක්‌ හෝ කිසිවෙකුත් නොගසනා සමයෙක අපි සාර්ථක සටන් පෙරමුණක්‌ සෑදුවෙමු. එහෙත් අපේ පෙරමුණ භාර නොගත්, අත්පඬුර නොගත් අප නැසීමට වෙර යෙදූ, අපවාද නැගූ සැලසුම් තැනූ බොහෝ ජනයනී, පාරිභෝගිකයන් මිස තමා පුරවැසියන් බව නොදත් බොහෝ හිතවතුනි අප දිවි හිමියෙන් පෙන්වූ අනතුරට සවන් - නෙත් වැසූ ජනයනි, නුඹලාගේ දරුවන්ගෙන් ඇතැම් විට සිරගෙවල් පිරෙනු ඇත. සමාජයේ පදාස පිටින් නාය යනු ඇත. මානව සංවර්ධන දර්ශක වැළලී යනු ඇත. මහා ගනඳුරක්‌ පැතිරෙනු ඇත. නුඹලාගේ දිවියට නපුරු කාලයක්‌ උදාවනු ඇත. මිනිසුනි, කනගාටුයි. අපි තාවකාලිකව සමුගත්තෙමු. නුඹලා තැනූ සිංහල බෞද්ධ ජාතිකවාදී ඒකාධිපතිත්වය, ම්ලේච්ඡත්වය සහ මුග්ධභාවය සමඟ කිරුළු පැලඳ සිටි බැවිනි.

හොරු - තක්‌කඩි සහ කාලකණ්‌ණි

සිරකරුවන්ද මනුෂ්‍යයන් වූ මුතු ඇටයක්‌ වන් කොදොව්වේ උපාධි, පශ්චාත් උපාධි, පශ්චාත් ආචාර්ය උපාධි, පේටන්ට්‌ බලපත්‍ර, ජාත්‍යන්තර විමර්ශන සටහන් සහිත අපි අතළොස්‌සක්‌ හොරු - තක්‌කඩි හා කාලකණ්‌ණි වීමු. එය දඹ රත්රන් බඳු සත්‍යයක්‌ ලෙස අධම ජනමාධ්‍ය කිහිපයක්‌ විසින් ජනගත කරන ලද්දේය. කිපී - පිබිදී ආ කිසිවකුත් නැත. දේශපාලනය වෙනුවට සත්ත්ව පාලනය ඇති රටක නොහොත් අශ්ලීල ලොකු කඩයක්‌ බවට පත්ව ඇති රටක එසේ කිසිවෙක්‌ අවදි නොවෙති. තෙමසක්‌ සරසවි වැසී ඇත. උසස්‌ පෙළ දරුවෝ අඳුරේය. ඉදින් අපි කාලකණ්‌ණි වෙමු. දරුවෙනි, ඔබේ තෙමසක දිවි පමාවට විභාග පමාවට දිවි නසා නොගන්න. එම දිවි පමාවට වඩා සිය දිවි කුසුම අතහැරි, පරාල ඇණ වැදුණු - නිය ගැලවුණු පරපුරක්‌ නිසා ඔබ හුස්‌ම ගන්නා බව සිහි කරති. ඔබේ දිවිය නැගී සිටින්නේ නිදහස්‌ අධ්‍යාපනයේ උරුමයට දිවි පිදූවන්ගේ සොහොන් කොත මතය. ජානක (මාතලන්) සහ සිසිත සරසවි විරු දරුවෙනි. දූයිෂෙයින් කීවා සේ අපට හොඳ ගුරුවරුන් වීමට බැරිවීම පිළිබඳව සමාවුව මැනවි. මගේ සරසවි සිසු - ගුරු දිවියේ වසර 18 ක වකවානුවේ (1994 - 2012) දුක්‌බරම - වරදකාරීම මොහොත වූ කලී විරු සිසු සමරුවේ විනාඩි දෙකේ නිහැඬියාව බව තවත් සැඟවිය යුතු නැත. ඔබේ සුසානය මත අපි හුස්‌ම ගනිමු. දැන් අප සියලු දෙනාද නිදහස්‌ අධ්‍යාපනය වෙනුවෙන් මරා දමා ඇති නිසා, පිළිතුරු පත්‍ර බැලූ පසු ජය ලබා සරසවි පැමිණ අවශ්‍ය නම් අපවද සිහි කළ හැකිය.

ෆුටාවේ පාවෙල්ලා

ඒකාධිපති රාජ්‍යයක්‌ සමඟ සාකච්ඡා පිණිස අපට දිය හැකි හොඳම සමූහය දුනිමු. නිර්මාල්, ජනක්‌, කුමුදු, අනුර, ආනන්ද, සංජීව හා අමිල හිමි ඇතුළු සමූහයට වඩා අත්දැකීම්, ඉවසීම, ප්‍රඥාව, කේවල් කිරීමේ ශක්‌තිය ඇති වෙනත් කණ්‌ඩායමක්‌ අපට නැත. එහෙත් ඉර බටහිරින් නොනගී. ඉබ්බන්ට පිහාටු නැත. කොළ එළියක ඡායාද නැත. දින 100 කි. අපි ළමුන් වෙනුවෙන් වැඩට යමු. ශ්‍රී ලංකා වැසියනි, සමාවන්න ඔබගේ රජය දරුණු වැඩිය. "අධ්‍යාපනය" ඔවුනගේ වචනයක්‌ නොවේ.

ඒකාබද්ධ ප්‍රකාශයේ රජයේ කොටස

මෙය අයත් වන්නේ "ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නගා සිටුවීමට රජයේ කැපවීමක්‌ ඇත" යන මැයෙන් ලියූ උසස්‌ පෙළ දරුවකුගේ වාක්‍ය රචනාවකට ය. වචන, වචන හා වචන පමණි. ජනතාව සමඟ බරපතළ ගිවිසුමක්‌ අවධි කළ අපට වචන ලැබී ඇත. අප කළේ ක්‍රීඩාවක්‌ නොවේ. දින 100 ක මහා පා ගමනකි. කළුගලක්‌ වුවද මෙළෙක්‌ විය යුතුය. එහෙත් හිතවතුනි, ඔබේ ඒකාධිපති රජය එසේ නැත. සමාවන්න. අපි තාවකාලිකව සමුගනිමු. වැටුප් වැඩිවීම නම් ඔබේ හිත් කැළඹූ, සසළ කළ, දුටුවන් කම්පා කළ ලක්‍ෂ ගණන් වූ පඩි වැඩිවීම් නැතිව හිස්‌a දැතින් එහෙත් මිනිස්‌සු සේ අපි නැවත දේශන ශාලාවේ හිට ගනිමු. එදින ද ඔබ 6% අපරාජිත ටී ෂර්ටය දකිනු ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය හා චෝදනා

ඒකාබද්ධ විපක්‍ෂය හෙවත් දේශපාලන පක්‍ෂවල සහයෝගීතාව පිළිගැනීම පිළිබඳ අවලාද නැගිණි. ෆුටාව යනු වෘත්තීය සමිතියකි. එය අරගලකාරී දේශපාලන පක්‍ෂයක්‌ නොවේ. අරගලකාරී දේශපාලන පක්‍ෂයක න්‍යාය පත්‍රය නොගෙන වෘත්තීය සංගමයක සටන් අවසානයකින් සැනසීමට අපට සිදු වුණි. අරගලකාරී පක්‍ෂය මගේ නම් ඒකායන අභිලාෂය යි. ඒ කරා කෙදිනක හෝ අප යා යුතුය. ආචාර්ය සටන නම් කිරිකළයට වැටුණු දේශපාලන ගොම බිංදුව ගැන මට දුකක්‌ නැත. එම ගොම බිංදුව ද ජනතාවගේ නිර්මාණයකි. තිබෙන විපක්‍ෂය පැල්ලම් සහිත වූයේ ෆුටාවේ වරදින් ද? මිනී නොමැරූ පක්‍ෂ මෙරට නැති වීම අපේ වරදක්‌ ද? ඊනියා වම්මු කොහි ද? නිර්මාල් රංජිත් කොටියෙක්‌ නම් කරුණා අම්මාන් හාවෙකු දැයි රජය කිව යුතුය. පිල්ලෙයාන් සමනලයෙකු දැයි පැහැදිලි කළ යුතුය. කෝටි දෙකහමාරක දේශපාලන අභිලාෂ වෘත්තීය සමිතියක දෙතුන් දහසක්‌ ඉදිරියේ තබා පලා නොයන්න. දේශපාලන සුජාත කන්‍යාවක වූ විපක්‍ෂයක්‌ ආනයනය කරමුද? ජනතාවක්‌ ආනයනය කරමුද? හිතාදර දේශපාලන පක්‍ෂ නායකයිනි, වෘත්තීය සංගම් නායකයිනි, ජනතාවනි ඔබ මේ සටනේ යෂ්ටිය නියම තැනදී නොගත්තෙහුය. සමාවන්න. ඉතිහාසය එකම අවස්‌ථාව දෙවරක්‌ නොදෙනු ඇත.

අන්තරේ

රාජ්‍ය අධ්‍යාපනය ද? නිදහස්‌ අධ්‍යාපනය ද? සටන් පාඨවල ඉස්‌පිලි පාපිලි මධ්‍යම කාරක සභාවල දී තර්ක කළ හැකි ය. එක්‌ ව සටන් කර වෙන් ව වාද කර ගත යුතුය. නැතිනම් වාදය ද නිසි නිමේෂයේ දී එක්‌ව කළ හැකිය. ඉස්‌පිලි පාපිලි යනු සටන් නොකිරීමට හේතුවක්‌ නොවන බව ඔබ ද දනියි. එදා ඡේ.වී.පී. හෝ අද පෙරටුගාමී හෝ ඔබෙන් මට ඇසීමට ඇත්තේ එකම පැනයකි. මේ ඒකාධිපති රජය තැනුවේ කවුරුන් ද? යනුවෙනි. තීරණාත්මක තැන දී ඉවත් වීම පිළිබඳ ඉතිහාසය දිගුය. වඩා වැදගත් වන්නේ හිසේ ඇවිළෙන ගින්න නිවීම ය. ළය ඇනුණු ඊතලය ගැලවීම ය. එය හැදූ කම්මල හා ආචාරියා පසු ව සෙගායා ගත හැකි ය. සමාවන්න. රුවන්මය අවස්‌ථාව පියඹා ගොස්‌ ඇත.

හතු සංගම්වල ව්‍යාජ ප්‍රේමියෝ

තමාගේ විෂය ක්‍ෂේත්‍ර පිළිබඳ ඇදුරන් සාමාන්‍යයෙන් ලියන පර්යේෂණ ලිපි ජනතාව සාමාන්‍යයෙන් නොදනිති. එහෙත් ජනතාවට අදාළ පොදු මහජන අර්බුද ගැන සැමදා ලියුවෝ සිටියේ ද අප සමග ය. ජනතාව නම හෝ නෑසූ, අකුරකින් හෝ ජන හදවත් පිරිමැද නොතිබූ පිරිසක්‌ මිහිතලයේ නොන්ඩි සංගම් ඇටවූහ. පිටු ගණන් ලියූහ. රූපවාහිනි අරක්‌ ගත්හ. මේ අය කවුදැයි ඇසූ ජනතාවක්‌ නැත. බෝකර හැරි කුණු රසය පමණක්‌ වැළඳ ගත්හ. එහෙත් ඒ අතර සිටි ඇතැම් සරසවි ඇදුරෝ සිය අපාය සිය දැතින්ම තනාගත් බව තවමත් නොදනිති. ඔවුන්ගේ සංගම් හා ඔවුන්ගේ නම් අතීතයේ අපි නෑසූ ඒවාය. ලංකාවේ රැවටෙන ජනයිනි, ඉදිරියේ දී ද ඔබ ඒ අය ගැන නාසති. මක්‌ නිසාද ඔවුන්ගේ ගිවිසුම අවසන් බැවිනි.

අරගලයේ මිතුරෝ

නිර්මාල්, ජානකී, රංගික, ධනේශ්, මාධව, අමරකීර්ති, මුගලන්, ජනක්‌, ආනන්ද, රොහාන්, අනුර, කුමුදු, මහීම්, හරිනි, ප්‍රභාත්, පවිත්‍රා, දිලීප, උපුල්, දීපිකා ඇතුළු තවත් රාශියක්‌ වූ විශිෂ්ට ආචාර්ය උපාධිවලට හිමිකම් කී තුරුණු නායකයන් සමඟ වැඩ කිරීම අපට ඉමහත් ආස්‌වාදයක්‌ විය. දඹර අමිල හිමි ඇතුළු අන්‍යයෝ කොතෙක්‌ද? ඔවුහු රට දනිති. ෆුටා ඉතිහාසයේ නලින්, සම්පත් බඳු නම් ගොත් ද තිබුණි. දැන් ඒ අය තමාට හිමි අපාය විඳිමින් සිටිති. ඇතැම් පිළිකුල් දේශප්‍රේමීන්ට වඩා පර්යේෂණ ක්‍ෂේත්‍රයේද මානව භක්‌තියේ ද උණුසුමින් පිරි අපේ මිතුරන්ට අපි ගරු කරමු. අපි අරගලයේ සගයන්ට හිස නමමු.

මහාචාර්ය ජයතිලක, උයන්ගොඩ, කීරවැල්ල, නවරත්න බණ්‌ඩාර ආදී විශ්‍රාමික දිවියට ආසන්න සම්භාවනීයන් අප සමඟ පයින් ගියේ අප අපට ම ගෞරවයක්‌ ලෙස දැනෙන ලෙස ය. "මල්ලි මට දැන් 64 යි" කියූ ධර්මසිරි බණ්‌ඩාරනායක සමඟ හරි හරියට ඇවිද ගොස්‌ පත්‍රිකා බෙදීමට මට ද බැරි විය. පතිරාජ, ප්‍රසන්න, ජයසිරි, විඡේසිරිවර්ධන ඇතුළු මහා කලාකරුවන් සමඟ අපේ ඓතිහාසිකත්වය තීව්‍ර විය. සියවස්‌ ආසන්න වියෑති ව කම්කරු උණුසුමේ වසන බාලතම්පො සමීප ව දැක ගන්නට හැකි විය. කවුඩුල්ලේ ජයතිස්‌ස ඇතුළු ගොවි රජුන්ගේ හාල් කරවල ලොව කිසිම ඩොලරයකට අපි හුවමාරු නො කරමු.

ජනාධිපති තාත්තා සහ අසංවේදී පුතාලා

හොරු, තක්‌කඩි, කාලකණ්‌ණි යන අභිධානවලින් අපට නිග්‍රහ කළ විෂය භාර අමාත්‍යවරයා සමඟ අපි ඉදිරියට යමු. ඔහු කෙතරම් අවමන් කළ ද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඔහු ව ඉවත් නොකළේය. උසස්‌ අධ්‍යාපන විෂයයට එම අමාත්‍යවරයා සුදුසු බව සිතීම ම ජනපතිවරයාගේ උසස්‌ අධ්‍යාපන දර්ශනය හා නුවණ හෙළි කරයි. දැන් මේ අනුව යන ඖරස පුත්තු ද වෙති. අප ඉල්ලූ 6% න් වැඩිම කොටස වෛද්‍ය ශිෂ්‍යයන් තැනීමට බව නොදන්නෝ කවරහු ද? එහෙත් ශිෂ්‍යයා වෛද්‍යවරයකු වූ පසු ඔවුන් අනුරුද්ධ පාදෙනියලා වීම අපි කෙසේ ඥනනය කර ගනිමුද? වෛද්‍ය ක්‍ෂේත්‍රයේ ගෞරවනීය වෙදැදුරන්ගෙන් මේ පාදෙණිය සමාව ගත යුතුය. ලොව භයානකම වර්ජන අවිය, කේවල් කිරීමේ ශක්‌තිය සහිත මේ වෛද්‍යවරු නිදහස්‌ අධ්‍යාපනයේ නියම පුත්තු ය.

දකුණට නොහැරුණු වමා

නිර්මාල් රංජිත් දේවසිරිට 'වමා' යෑයි කීවේ අප නොව ඔහු සමඟ සාකච්ඡා මේසයේ විරුද්ධ අන්තයේ සිටි ධම්ම හා චරිතලාගේ පරපුරය. දැන් කීමට අත්තේ රෝහිත භාෂණගේ වචන ය. "මගේ මිතුරන් අප පැතූ ලංකාව ඔවුන්ගේ අරුතින් ගොඩනඟමින් සිටිති" යනුවෙනි. ඒ මිතුරන් දකුණේ අසුන් ගනිද්දී වමා වමේ වාඩි විය. පීඩා ඉවසූ ෆුටාවේ වානේමය නායකත්වයට තුති පිදිය යුතුය. බැසිල් රාජපක්‍ෂ සමඟ අප වෙනුවෙන් පමණක්‌ සිනාසුන නිර්මාල්ගේ ඡායාරූපය ඔහු විඳී පීඩාව කියා පෑය. එහි කුණු රසය තලු මැරූවන්ට තම දිවියේ අනාගතය වන්දියක්‌ ලෙස රජය විසින් ඉල්ලා සිටින දිනයේ දී ඇතැම් විට අප සිහිපත් වනු ඇත.

ජනතාව වෙනස්‌ කිරීම

අමාරුම කාර්යය කළ යුතු ය. ආණ්‌ඩු පෙරළීම සරල ය. එය අනර්ථය ම සාදයි. අතීතයේ ආණ්‌ඩු පෙරළා ඇත. පලක්‌ නොවීය. "මෙහි ජනතාව වෙනස්‌ කළ යුතුය". බර්ටෝල්ට්‌ බ්‍රෙෂ්ට්‌ කියා තිබුණි. ජනතාව වෙනස්‌ නොවුණු විට මූසල රජයක්‌ ඔවුහු නැවත තනති. "රෝගෙට නොව නිධානෙට පිළියම් කරමු" යනුවෙන් අප ගැයුවේ එනිසා ය. ඈත කඳු ප්‍රාන්තයට එගොඩ වීමට වැල් පාලමේ ගීතයක්‌ වූ ෆුටා ගීතයේ එය ලියා තිබුණි. අප ප්‍රයත්නයේ අඩුපාඩු ඇත. ඈත ගම්දනව් කරා 6% යැමට වැට බැඳ වැටුප ගැන ම කී කුප්‍රකට මාධ්‍ය අප ඊළඟ වටයේ ජයගනු ඇත. අපි මේ පරීක්‍ෂක දිවිය, දුෂ්කර දිවිය ජීවත් වී පෙන්විය යුතු බව ලියනගේ අමරකීර්ති ලිවීය. මිනිසුන් වෙනස්‌ කිරීම කෙතරම් අසීරු වුවද මිනිසුන් වෙනස්‌ කිරීම හැර අන් කිසිදු විකල්ප මගක්‌ නැත.

සමාලෝචනය වෙනුවට සමාරම්භය

"එක්‌සත් වෙනු, නැතිනම් විනාශ වී යනු. ඉතිහාසය විකල්පයක්‌ දී නැත". එසේ කියා ඇත්තේ සොරෙකු තක්‌කඩියෙකු කාලකණ්‌ණියෙකු වූ මා නොව වී. අයි. ලෙනින් ය. ඒ කුඩා මිනිසා කියූ නිරවුල්, නිසැක හා එකම මග ෆුටාවේ අප සියලු දෙනා පෙම්වතියක සේ හෙට දවසේ වැළඳගනු ඇත. එමග නොගන්නා බොහෝ දේශප්‍රේමීහු මතු නොව ජනතාව ද වඳ වී යනු ඇත. මම යළි කියමි. මිතුරු මිතුරියනි, සගයිනි, ඉතිහාසය විකල්පයක්‌ දී නැත.

නිදහස්‌ අධ්‍යාපනයේ නිසිඵල ලැබීමට නම්

Divaina, 19/10/2012

ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් සිප් සතර හදාරා පසුව මෙරට අධ්‍යාපන ඇමැතිවරයෙක්‌ වූ සී. ඩබ්. ඩබ්. කන්නන්ගරයන්ගේ කුඩාවිය ගෙවී ගියේ ආර්ථික අපහසුතා වලින් මැදිවූ සමාජ වටපිටාවකය. එවකට ගාල්ල රිච්මන්ඩ් විදුහලේ විදුහල්පතිවරයාව සිටි ඩැරල් දේවගැතිතුමා මෙතෝදිස්‌ත සභාව යටතේ දකුණු පළාත මුල්කරගෙන පාසල් ආරම්භ කරමින් අධ්‍යාපන නවෝදයක්‌ ඇතිකරලීමට විශේෂ උත්සාහයක යෙදුනි. එතුමාගේ ඉලක්‌කය වූයේ දුප්පත් ගැමියන් ජීවත්වන නගරයෙන් බාහිර ගම්මාන වන අතර ආර්ථික අපහසුතා සහ පසුගාමී සාමාජ වටපිටාවක ජීවත් වූ ළමුන්ගේ අධ්‍යාපන කටයුතු නඟාසිටුවීමය.

අධ්‍යාපනය සියලු ජනතාව සතු අයිතියක්‌ බවත්, එයට දුප්පත්කම හෝ සමාජ පසුබිම හරස්‌ විය යුතු නැති බව තම ජීව දත්ත මගින්ම අවබෝධකරගෙන සිටි කන්නන්ගර මැතිතුමා නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තිය මගින් කිසිදු බේදයකින් තොරව සැමට අධ්‍යාපනයේ දොරටු විවර කරමින් මෙරට සාමාන්‍ය ජනතාවගේ දූදරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්‌වා ගමන් කළ හැකි අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දුන් අතර එමගින් ඈත එපිට පිටිසර ගම් නියම්ගම් වලින් උගතුන් බිහිවීම ආරම්භ වී මෙරට අධ්‍යාපන පුනරුදයක්‌ ආරම්භ විය.

නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තිය මෙරටට හඳුන්වාදුන් වර්ෂ 1945 දී ඩොලර් 120 ක්‌ වූ මෙරට ඒක පුද්ගල ආදායම වර්ෂ 2011 වන විට ඩොලර් 2,000 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති අතර 1945 දී මෝටර් රථ 5000 ක්‌ පමණ භාවිත වූ මෙරට 2011 දී මෝටර් රථ මිලියන 2 ක්‌ පමණ භාවිත වන රටක්‌ බවට පත්වී ඇත. ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථික මෙන්ම සමාජයීය තත්ත්වයද, දැනුමද මේ වන විට සෑහෙන මට්‌ටමකින් ඉහළ ගොස්‌ ඇති බව කුමන භාෂාවෙන් කතාකළද පිළිගත යුතු සත්‍යයකි. 1945 දී ශ්‍රී ලාංකිකයන් තම දරුවන්ට උසස්‌ අධ්‍යාපනයක්‌ ලබාදීමට එතරම් උත්සුක නොවූ නමුත්, අද තම ජීවිතයේ අංක එක ලෙස සලකන්නේ කුමන ක්‍රමයකින් හෝ තම දරුවන්ට දියහැකි උපරිම අධ්‍යාපනය ලබා දීමයි.

කන්නන්ගර මැතිතුමා හඳුන්වා දුන් නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තියේ මහිමයෙන් ඉතා උගත් ශිෂ්‍ය පරපුරක්‌ මෙරටට දායාද වූ අතර සංඛ්‍යා ලේඛන වලට අනුව අ.පො.ස. උසස්‌ පෙළ විභාගයෙන් සියලු විෂයන් සමත් වී විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ලක්‍ෂයක්‌ පමණ සිසුන් සුදුසුකම් ලබන අතර මෙම සියලු සිසුන්ට ඉංජිනේරු, නීතිය, වෛද්‍ය විද්‍යාව ඇතුළු උපාධි මට්‌ටමේ උසස්‌ අධ්‍යාපනයක්‌ ලැබීම සඳහා සියලු සුදුසුකම් ඇති අතර මෙම ලක්‍ෂයක්‌ පමණ දරුවන්ගේ බුද්ධිය පිළිබඳව කිසිවකුට අඩු තක්‌සේරුවක්‌ කළ නොහැක. නමුත් අපට ඇති එකම බාධකය වන්නේ මෙම ලක්‍ෂයක්‌ පමණ වූ දරුවන්ගෙන් වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, නීතිය පමණක්‌ නොව කිසිදු හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක්‌ ලැබීමට අවස්‌ථාව ලැබෙනුයේ 20,000 කට ආසන්න වූ ප්‍රමාණයකට පමණි. 80,000 ක්‌ පමණ වූ දරුවන්ට මෙරට උසස්‌ අධ්‍යාපන අයිතිවාසිකම් නොලැබී යැම මගින් නිදහස්‌ අධ්‍යාපනයේ ඵලයන් වූ 80,000 ක්‌ පමණ වූ ශිෂ්‍යයන් මුහුණදෙන ෙ€දවාදචකය ගැන තමන් බුද්ධිමතුන්, විද්වතුන් යෑයි කියාගනිමින් නොයෙකුත් සංවිධාන පිහිටුවාගෙන සිටින ඊනියා බුද්ධිමතුන්ගේ සහ විද්වතුන්ගේ කුඩා මොළවලට තේරුම් යා යුතුය. ඉහත කී 80,000 ක්‌ පමණ වූ නිදහස්‌ අධ්‍යාපනයේ ඵල විනාශ කරනවාද නෙළාගන්නවාද යන්න මෙරට සමාජය පුළුල් කතිකාවතකට භාජනය කළ යුතු කරුණක්‌ වන අතර මෙම අසූ දහසක්‌ වූ උසස්‌ පෙළ සමතුන්ට කුමන ක්‌ෂේත්‍රයක හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක්‌ ලබා දීමට අඩුම තරමේ මෙරට තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පස්‌ ගුණයකින් වත් වැඩිකළ යුතුව ඇත. එහිදී යටිතල පහසුකම් වලට ගොඩනැඟිලි ඊට අවශ්‍ය ජල විදුලිය, සන්නිවේදනය, මහාචාර්යවරයාගේ සිට සුලු සේවකයා දක්‌වා වූ විශ්වවිද්‍යාල අධ්‍යන සහ අනධ්‍යන සේවකයන් ඇතුළු සියලු සම්පත් අයත් වන අතර එය ශ්‍රී ලංකාව වැනි අඩු ආර්ථික මට්‌ටමක පවතින රජයකට පමණක්‌ කළ හැකිද යන්න මා ඉහත කී ඊනියා බුද්ධිමතුන් සහ ඊනියා විද්වතුන් තම හෘදය සාක්‍ෂියට එකඟව තේරුම්ගත යුතුව ඇත.

උපාධියක්‌ ලැබූ පමණින් හෝ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු වූ පමණින් යමෙකු විද්වතකු හෝ බුද්ධිමතකු නොවන අතර එය තීරණය කරනු ලබන්නේ ජන සමාජය විසිනි. එවැන්නක්‌ තේරුම් ගැනීමට හැකි ජන විඥනයක්‌ සහිත ශ්‍රී ලාංකිකයන් නිදහස්‌ අධ්‍යාපනයේ මහිමයෙන්ම බිහිවී ඇති අතර එවන් විද්වතුන් මෙරට ජන විඥනය මගින්ම හඳුනාගෙන ඇති අතර ඉන් කිහිපදෙනෙකුගේ නම් නිරායාසයෙන්ම සිහිපත් කළ යුතුව ඇත. මහාචාර්ය සෙනරත් පරණ විතාන, ආචාර්ය ඊ. ඩබ්. අධිකාරම්, මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය කාලෝ ෙµdන්සේකා, දොස්‌තර ආර්. එස්‌. එස්‌. ගුණවර්ධන, මහාචාර්ය ගුණපාල මලලසේකර හා එවන් මෙහි නම් සඳහන් නොකළ තවත් අතලොස්‌සක්‌ විද්වතුන් මෙරට ජන සමාජය විසින් හඳුනාගෙන ඇත. එසේ හඳුනාගන්නේ ඔවුන් තමා නියෑළුණු ක්‌ෂේත්‍රය පමණක්‌ නොව මෙරට ඉතිහාසය, කලාව, සාහිත්‍යය, ගෝලීය සමාජයේ සමාජ, ආර්ථික, අධ්‍යාපනික ක්‌ෂේත්‍ර වල වර්ධනයන් සහ ප්‍රවණතා දේශීය ජන සමාජයේ සිදුවිය යුතු සංකල්පමය මෙන්ම සමාජයීය අවශ්‍යතා පිළිබඳව පුළුල් මනසකින් යුතුව තම මව්බිමේ උන්නතිය සඳහා මෙහෙයක්‌ කළ පුද්ගලයන් වන බැවිනි.

ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගරයන් ඉහත නම් සඳහන් උගතුන් සහ විද්වතුන්ට වඩා වෙනස්‌ කෝණයකින් මෙරට අධ්‍යාපන ක්‌ෂේත්‍රය තුළින් සමස්‌ත ලාංකික ජනතාවට විශාල සේවයක්‌ කළ අතර ඔහු අද ජීවත්ව සිටියා නම් තමා හඳුන්වා දුන් නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තියේ ඵලයන් ලෙස අධ්‍යයන පොදු සහතිකපත් උසස්‌ පෙළ විභාගයෙන් සමත් වන අසූ දහසක්‌ පමණ වන නොඑසේ නම් සමස්‌ත ප්‍රතිශතයෙන් 80% ක්‌ පමණ වූ දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක්‌ නොලබන තත්ත්වයක්‌ උදාවීම ගැන මහත් කම්පනයට පත්වනු ඇත.

මා ඉහත සඳහන් කළ ඊනියා බුද්ධිමතුන් සහ විද්වතුන් තමන් පැළඳ සිටින පාට කණ්‌ණාඩිය ඉවත් කර ලෝකය දෙස බැලිය හැකි පැහැදිලි කණ්‌ණාඩියක්‌ පැළඳ ලෝකයේ අධ්‍යාපන ක්‌ෂේත්‍රය, විශේෂයෙන් පෙර සමාජවාදී කඳවුරේ සිදුවී ඇති සහ සිදුවෙමින් පවතින ප්‍රවණතාත් බටහිර ලෝකයේ සහ දියුණුව කරා යමින් සිටින ඉන්දියාව, මැලේසියාව, බ්‍රසීලය, වියට්‌නාමය වැනි රටවල් දෙස බලා එකී රටවල් අත්පත් කරගෙන ඇති අධ්‍යාපනික දියුණුව පිළිබඳව බැලිය යුතුව ඇත.

අප තේරුම් ගත යුතු සත්‍යයක්‌ වන්නේ මෙරට විශ්වවිද්‍යාල පද්ධති පස්‌ ගුණයකින් වැඩිකර විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන සියලුම දරුවන්ට උසස්‌ අධ්‍යාපනය දීම පවත්නා රජයකට කිසිසේත්ම කළ නොහැක්‌කක්‌ වන අතර එවැන්නක්‌ අද ලෝකයේ කිසිදු රටක සිදු නොවන බව මෙනෙහි කළ යුතුය.

ඉහත සඳහන් කළ පෙර සමාජවාදී කඳවුරේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල් පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් උසස්‌ අධ්‍යාපන පහසුකම් ලබා දෙන අතර එසේ අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි දරුවන් වෙනුවෙන් තවදුරටත් ඉතා ශක්‌තිමත්ව රාජ්‍ය මැදිහත්වීම මගින් අධ්‍යාපන පහසුකම් සලසා දෙනු ලබයි.

ලෝක මානව හිමිකම් ප්‍රඥප්තියේ 26 වැනි පරිච්ඡේදයේ ඉතා පැහැදිලි ලෙස අධ්‍යාපනය ලැබීම මූලික මිනිස්‌ අයිතිවාසිකමක්‌ බව පිළිගෙන ඇති අතර අඩුම වශයෙන් මූලික අධ්‍යාපනය නිදහස්‌ අධ්‍යාපනයක්‌ විය යුතු බවත් එය අනිවාර්ය විය යුතු බවත් සඳහන් වේ. එම ප්‍රඥප්තියේ වැඩිදුරටත් සඳහන් වන්නේ තම දරුවන්ට දිය යුත්තේ කුමන අධ්‍යාපනයක්‌ද යන්න තීරණය කිරීම පිළිබඳව දෙමාපියන්ට මූලික අයිතියක්‌ ඇති බවයි. උසස්‌ පෙළ සමත් එහෙත් දේශීය රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමට වරම් නොලබන දරුවකු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉල්ලා හඬන විට එය දරා සිටීමට කුමන දෙමාපියකුට හෝ නොහැකි බව අප අවබෝධ කර ගත යුතුව ඇත. එහි අවසාන ප්‍රතිඵලයක්‌ වන්නේ තමන් සතු දේපළ උකස්‌කර හෝ විකුණා දමා හෝ උසස්‌ අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටකට යෑවීමට ඔවුන් පෙළඹීමයි. එහි කිසිදු වරදක්‌ අපට දැකිය නොහැක.

මෙරට දරුවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වර්ෂයකට 10,000 ක්‌ පමණ විදේශගත වන බව මහ බැංකු වාර්තා සනාථකරන අතර ඉන් 500 ක්‌ පමණ දරුවන් වෛද්‍ය විද්‍යාව හැදැරීම සඳහා පමණක්‌ විදේශගත වේ. ඔවුන්ගෙන් ඇමරිකාව, එංගලන්තය, නවසීලන්තය, ඕස්‌ටේ්‍රලියාව වැනි රටවලට පිටව යන දරුවන් නැවත මෙරටට පැමිණීමේ ප්‍රතිශතය ඉතා අඩු අතර, වෙනත් විද්‍යා විෂයයන් සඳහා යන දරුවන්ගේ තත්ත්වයද ඊට ආසන්න මට්‌ටමක පවතී. මෙසේ විදේශ රටවලට දොaරෙගලන්නේ අපේ නිදහස්‌ අධ්‍යාපනයේ ප්‍රතිඵල බව මා ඉහත කී ඊනියා බුද්ධිමතුන් සහ විද්වතුන් යෑයි කියාගන්නා විශ්වවිද්‍යාල සහ අනෙකුත් ආයතනික සංවිධාන වල සාමාජිකයන් තේරුම්ගත යුතුව ඇති අතර මෙමගින් සිදුවන බුද්ධිගලනය ගැනද තදබල ලෙස සිතා බැලිය යුතුව ඇත. මෙසේ රටින් පිටවන නිදහස්‌ අධ්‍යාපනයේ ඵල විදේශ රටවල් විසින් නෙළාගනු ලබන බවද සිහිපත් කළ යුතුව ඇත. නිදහස්‌ අධ්‍යාපනය හෝ එහි ප්‍රතිපත්ති ගැන හෝ එහි නිර්මාතෘවරයාගේ චින්තනය ගැන කිසිදු දැනුමක්‌ නොමැතිව එය කුලියට ගැනීමට උත්සාහ කරන තැනැත්තන් යථාර්ථය තේරුම්ගත යුතුව ඇත.

මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි වන්නන්ගේ තත්ත්වයද අප විසින් අවබෝධ කරගත යුතුව ඇත. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිව මත පළකරන සමහර දේශපාලනඥයන්ගේ දරුවන් ඇමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ හෝ වෙනත් විශ්වවිද්‍යාල වල උගත් අය වන අතර මොවුන්ගේ බොරු ජාතික කැක්‌කුම සහ නිදහස්‌ අධ්‍යාපනයේ භාරකරුවන් වීමට දරණ උත්සාහය කුහක දේශපාලන අවශ්‍යතාවයක්‌ බව අප තේරුම් ගත යුතුව ඇත. මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිවන මා දන්නා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන්ගේ දරුවන් එංගලන්තයේ, ඇමරිකාවේ, ඕස්‌ටේ්‍රලියාවේ, නවසීලන්තයේ සහ හෝ නේපාලයේද අධ්‍යාපනය ලැබූ හෝ ලබන අයයි. මෙම සියලුම වෛද්‍යවරුන් නිදහස්‌ අධ්‍යාපනයේ ප්‍රතිඵල ලෙස බිහිවූ අය වන අතර ඔවුන් තේරුම්ගත යුතු කරුණක්‌ වන්නේ මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ බිහිවීමෙන් ඉතා සරු ආර්ථික තත්ත්වයක්‌ ඇති ඔවුන්ගේ දරුවන්ට මෙන්ම මෙරට සාමාන්‍ය ජනතාවගේ දරුවන්ටද වෛද්‍ය අධ්‍යාපනයක්‌ ලැබීමට හැකි වන බවයි. මෙහිදී ඉස්‌මතු වන්නේ නිදහස්‌ අධ්‍යාපන කඩතුරාව තුළ සැඟවී සිටින කුහකත්වය සහ තම ආධිපත්‍යය ආරක්‍ෂාකර ගැනීම බව මොවුන්ගේ හැසිරීම් රටාව දෙස බැලීමෙන් පැහැදිලි වේ.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ පිහිටුවීම මගින් වෛද්‍ය විද්‍යාව හැදැරීම සඳහා විදේශගත වන දරුවන්ට මහඟු සෙතක්‌ සැලසෙන අතර කළ යුතුව ඇත්තේ එම වෛද්‍ය විද්‍යාල වන නිසි ප්‍රමිතිය සහ උසස්‌ අධ්‍යාපන මට්‌ටම් ඇතිකරලීමයි. ඒවාට මුල සිටම අකුල් හෙලීම නොව සියල්ලන්ම කළ යුත්තේ ඒවායේ ප්‍රමිතිය අදාළ පරිසාධන මට්‌ටම් වලට ගෙන ඒමට ජාතික මෙහෙවරක යෙදීමයි. බංග්ලාදේශයේ හෝ නේපාලයේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලබන දරුවකු අධ්‍යාපනය ලබනුයේ කුමන තත්ත්වයන් යටතේද යන්න තේරුම් ගැනීම අපහසු නැත. ඊට වඩා දක්‍ෂ බුද්ධිමත් කථිකාචාර්යවරුන්, මහාචාර්යවරුන් අප රටෙහි සිටින අතර මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ ලෝකයේ ඕනෑම දියුණු රටක වෛද්‍ය විද්‍යාලයක මට්‌ටමින් පවත්වාගෙන යැමේ සම්පත් මෙරට තිබෙන බව අප අවබෝධ කරගත යුතු අතර මෙම සම්පත් ආරක්‍ෂා කර ගනිමින් රටේ සහ ජාතියේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට කාලය එළඹ ඇති බව අප තේරුම් ගත යුතුව ඇත.

විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය සංගම් බොහොමයක්‌ම මෙහෙයවනු ලබන්නේ එක්‌තරා වාමාංශික දේශපාලන පක්‍ෂයක්‌ සහ ඉන් කැඩී වෙන්ව ගොස්‌ තිබෙන තවත් කණ්‌ඩායම් වන අතර මොවුන්ගේ හැසිරීම් රටාව තුළින් ශිෂ්‍යයන් හීනමානයෙන් පෙළෙන්නන් බවට පත් කිරීමට යුහුසුළු වන බව පෙනේ. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල කිහිපයක ඉංග්‍රීසි භාෂාව පරිශීලනය කරන ශිෂ්‍යයන්ට අතවර කරමින් ඔවුන් කොන් කිරීමට උත්සාහයන් දැරිය හැකි අතර ඉන් වාමාංශික සංවිධාන බොහෝ විට ශිෂ්‍යයන්ට යථාර්ථය තේරුම් ගැනීමට බාහිර ලෝකයේ ඇතිවන ප්‍රවණතාවයන් අධ්‍යයනය කිරීමට මහඟු උපකාරයක්‌ වන ඉංග්‍රීසි භාෂා දැනුමෙන් ඔවුන් ඈත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ තම මතය ස්‌ථාපිත කිරීම පමණක්‌ වන අතර ලෝකයේ බොහෝ රටවල අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ සිදුවන නව ප්‍රවනතාවයන් සහ වර්ධනයන් පිළිබඳ දැනුම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලබාගැනීමෙන් තම ව්‍යාපාර දුර්වල වන බව ඔවුන් නිසැකවම දනියි. මෙම වාමාංශික ශිෂ්‍ය ව්‍යාපාර තම ගුරුකුලය ලෙස සැලකූ රුසියාවේ සහ චීනයේ අධ්‍යාපන ක්‌ෂේත්‍රයන්හි සිදුවන ප්‍රවණතාවයන් සහ වෙනස්‌කම් පිළිබඳව හෝ සිය අවධානය යොමු නොකරන අතර අප විසින් වටහාගත යුතු සත්‍යයක්‌ වන්නේ මෙම පෙර සමාජවාදී කඳවුරේ තිබූ රටවල්ද ඒ ඒ රටවල ආර්ථික මට්‌ටම් වර්ධනය වීමත් සමගම පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිගෙන පවත්වාගෙන යන අතර මුදල් අයකරන මෙම විශ්වවිද්‍යාල මගින් ඉතා විශාල මුදල් සම්භාරයක්‌ උපයා ගන්නා බව තේරුම් ගත යුතුව ඇත. අද මෙරට දරුවන් විශාල වශයෙන් රුසියාවේ සහ චීනයේ මුදල් ගෙවා අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල කරා ශීඝ්‍රයෙන් ඇදී යන අතර, මෙසේ එම රටවලට මෙන්ම බටහිර රටවලටද උසස්‌ අධ්‍යාපනය සඳහා ඇදී යන ශිෂ්‍ය සංඛ්‍යාව දස දහසකට ආසන්න වන අතර එමගින් කෙතරම් විදේශ විනිමයක්‌ අධ්‍යාපනය සඳහා මෙරටින් පිටවන බව අප තේරුම් ගත යුතුව ඇත. ලෝක මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 26 වැනි පරිච්ඡේදයට අනුව තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීම දෙමාපියන් සතු අයිතියක්‌ බව ඉතා පැහැදිලිව පිළිගෙන ඇති අතර ඒ සඳහා කිසිවකුට විරුද්ධ විය නොහැකි මෙන්ම අප රටේ නුපුහුණු ගෘහ සේවිකාවන්, කම්කරුවන්, ශ්‍රමිකයන් සහ උගතුන් විදේශ විනිමය වශයෙන් මෙරටට එවනු ලබන අති මහත් විදේශ විනිමයෙන් විශාල කොටසක්‌ මෙම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අප විසින් විදේශවලට ගෙවන අතර අඩුම වශයෙන් මෙම විශාල විදේශ විනිමයෙන් ප්‍රමාණවත් කොටසක්‌ හෝ මෙරට නවතා ගැනීමට නම් ප්‍රමිතියෙන් යුත් විශ්වවිද්‍යාල මෙන්ම වෛද්‍ය විද්‍යාලද, අනෙකුත් උසස්‌ අධ්‍යාපන ආයතනද මෙරට ඇතිකළ යුතු බව වටහා ගත යුතු අතර අද ලෝකයේ පවතින ප්‍රවණතා අනුව පෞද්ගලික අංශයේ දායකත්වය අනිවාර්යයෙන්ම ලබාගත යුතු බව මෙම ඊනියා ව්‍යාපාර මෙන්ම සංගම්ද තේරුම්ගත යුතුව ඇත.

වර්ෂ 1977 සිට 1983 දක්‌වා මා මැදපෙරදිග රටක්‌ වූ ඕමානයේ සේවය කළ අතර එම කාල පරිච්ඡේදය තුළදී අපේ අසල්වැසි ඉන්දියාව ඉතාමත් දූරදර්ශී මෙන්ම අද ඔවුන් අත්විඳින දැවැන්ත ආර්ථික වර්ධනයට දායක වූ ප්‍රතිපත්තිමය තීන්දුවක්‌ ගන්නා ලදී. එනම් ගෘහ සේවිකාවන් විදේශ රටවල රැකියා සඳහා යැමත්, නුපුහුණු කම්කරුවන් යෑවීමත් නතර කිරීමට තීරණය කරන ලද අතර ඉන්දියානු රජය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සහ අනෙකුත් විශ්වවිද්‍යාල සඳහා පුළුල් ලෙස දොරටු විවර කළ අතර මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ඒ වන විට අඩු ප්‍රමිතියකින් තිබූ ඉන්දියානු විශ්වවිද්‍යාල සහ වෛද්‍ය විද්‍යාල වලට නීති රෙගුලාසි පනවමින් ඒවා ඉහළ ප්‍රමිතියකට ගෙන ආ අතර විශේෂයෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල සහ වෛද්‍ය විද්‍යාල වලට විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් සමත් වන ඉන්දියානු ශිෂ්‍යයන් එක්‌තරා ප්‍රමාණයක්‌ ඇතුළත් කර ගත යුතු බවට නීති රෙගුලාසි පනවමින් ඉන්දියාවේ අධ්‍යාපන ක්‌ෂේත්‍රය පුළුල් කරන ලදී. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් තොරතුරු තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ අනෙකුත් ක්‌ෂේත්‍ර වල විශාල පිබිදීමක්‌ ඉන්දියාවේ ඇතිවූ අතර අද ඔවුන් ඵල නෙලාගන්නේ එම ප්‍රතිසංවිධාන වල ප්‍රතිඵල වන අතර අද ඉන්දියාව ගෘහසේවිකාවන් වෙනුවට උගතුන් ලෝකයට සැපයීම කරනු ලබයි.

වර්ෂ 1983 පමණ වන විට ඕමාන් රාජ්‍යයේ රෝහල් වල 80% ක්‌ පමණ වෛද්‍යවරුන්, පරිපූරක වෛද්‍යවරුන් සහ පුහුණු කාර්මිකයන් ඉන්දියානුවන් විය. මෙය ඕමානයට පමණක්‌ සීමා නොවන අතර අද මැදපෙරදිග සියලු රටවල ඉහළ තාක්‍ෂණික තනතුරු, ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරුන්, වෛද්‍යවරුන්ගෙන් 75% කට වඩා ඉන්දියානු ජාතිකයන් සේවය කරන අතර ඊට අමතරව බොහෝ රටවල එනම් ඇමරිකාව, කැනඩාව, ඕස්‌ටේ්‍රලියාව සහ යුරෝපයේ බොහෝ රටවල ඉහත කී ආකාරයට ඉන්දියානු ජාතිකයන් උසස්‌ රැකියාවල යෙදී සිටී. මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකිරීම මගින් වෛද්‍ය ක්‌ෂේත්‍රයේ අතිරික්‌තයක්‌ ඇතිවී වෘත්තීය පහළ මට්‌ටමකට ඇද වැටේ යෑයි ඇති බිය හුදු හුඹස්‌ බියක්‌ පමණක්‌ වන අතර මැදපෙරදිග, අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවලත්, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවලත් වෛද්‍යවරුන් සහ අනෙකුත් ඉංජිනේරු, පරිගණක වැනි වෘත්තීමය ක්‌ෂේත්‍ර තුළත් රැකියා අවස්‌ථා විශාල ප්‍රමාණයක්‌ ඇති අතර ඒ ඒ ක්‌ෂේත්‍ර වල නිපුණත්වය ලැබූ දරුවන් මෙරට විශ්වවිද්‍යාල තුළින් කොතරම් බිහිවුවද එය මෙරටට කිසිසේත්ම බරක්‌ නොවන අතර අද ඉන්දියාවේ මහා ආර්ථික ශක්‌තියට එක්‌ පිටුවහලක්‌ වී ඇත්තේ විදේශ රටවල සේවය කරන අති මහත් වූ ඉන්දියානු වෛද්‍යවරුන්, විද්‍යාඥයන්, ඉංජිනේරුවරුන්, පරිගණක ක්‌ෂේත්‍රයේ උගතුන් සහ අනෙකුත් විශේෂඥ දැනුම ඇති ශ්‍රමිකයන් විසින් ඒ රටට එවනු ලබන මහා ධන සම්භාරය හේතුවෙනි.

මෙරට ක්‍රියාත්මක වන ඊනියා ශිෂ්‍ය ව්‍යාපාර, වාමාංශික ව්‍යාපාර, වෛද්‍ය සංගම් සහ අනෙකුත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම් තම දැස්‌ විවිර කර ලෝකයේ සිදුවන ප්‍රවණතාවයන් අධ්‍යයනය කර මෙරටට සුqදුසු ප්‍රමිතියෙන් යුතු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල, විශ්වවිද්‍යාල ඇතුළු අනෙකුත් උසස්‌ අධ්‍යාපන ආයතන වලට විරුද්ධව ගෙනයනු ලබන කුහක මෙන්ම ආත්මාර්ථකාමී විරෝධතා වලින් ඉවත් විය යුතු අතර රාජ්‍ය අධ්‍යාපනය සමග සමගාමීව යන්නා වූ පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයක්‌ ඇතිකරලීම සඳහා පුළුල් ලෙස කතිකාවතකට එළඹිය යුතුව ඇත. නිදහස්‌ අධ්‍යාපනයේ නිසි ඵල නෙලාගත හැකි වන්නේ එමගින් බව අප සාක්‍ෂාත් කර ගතයුතු අතර මෙම කරුණේදී මෙරට කිසිම දරුවකුගේ අධ්‍යාපන උන්නතියට හානියක්‌ නොවන ආකාරයෙන් සියලුම දරුවන්ට විශේෂයෙන්ම උසස්‌ පෙළ සමත්ව විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන සියලුම දරුවන්ට උසස්‌ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා දොරටු විවර කළ යුතුව ඇත.

අධිනීතිඥ - එච්. කේ. චන්ද්‍රසිරි ද සිල්වා 

Wednesday, October 17, 2012

Can the world keep its promises on schools?


BBC, 16/10/2012, By Sean Coughlan


Rural school pupils in TanzaniaLong road to learning: Tanzania has been held up as an example of progress
The millennium pledge made by international leaders that all children would have a primary education by 2015 is going to be "missed by a large margin".
That's the stark conclusion of a report published by the United Nations Educational, Scientific and Cultural Organisation (Unesco).
Despite an initial surge that saw tens of millions of extra children enrolling in primary schools, the report says progress is now "grinding to a halt".
The report, published in Paris on Tuesday, shows the number of children without this basic level of education has fallen from 108 million to 61 million in the first decade of this century.
It means that since 2000, the percentage of the world's children entering primary education has risen from 80% to 90%.
It's a leap forward, but some distance from reaching the finishing line.
"It is simply unacceptable that out-of-school numbers have stagnated, and in Africa have risen," said Gordon Brown, former UK prime minister and now UN global education envoy.
But he added: "Now is not the time for defeatism and despair," and called on the international community to "redouble our efforts".
'Stagnated'
Pauline Rose, director of the Education for All Global Monitoring Report, says the drive for universal primary education had enjoyed an initial "honeymoon period" with strong political backing and financial support.
If that early rate of progress had been maintained, the target would have been achieved, she says.
Unesco education graphic

But at the current slow rate of change, Dr Rose says it would take at least until 2030.
Why has it proved so difficult to provide primary schools? If the world can put a spacecraft on Mars, surely it can build and staff enough classrooms. This pledge on primary schools has now been a target since 1990.
"To a large extent it's a lack of money, aid donors have not provided the $16bn (£10bn) needed to get every child into school," says Dr Rose.
There is also a sense of fading international attention, particularly since the financial crisis. "People have lost their interest and turned to other things," she says.
The corrosive impact of armed conflict and political instability has also been a barrier. And the shooting in Pakistan last week of 14-year-old education campaigner, Malala Yousafza, showed the cultural barriers that remain.
There are also distinct regional patterns below the headline figures.
While many Asian countries have made strides forward, including Pakistan, there has been much less advance in sub-Saharan Africa.
The single biggest number of children out of school is now in Nigeria - with the report showing there are 3.6 million more children missing school than in 2000.
Adult illiteracy
But despite the forecast of missing the target, there are some reasons for optimism.
Many more girls are in school - and in many countries there has been a substantial improvement in the availability of school places.
Ethiopia and India are given as examples of what can be achieved, with "dramatic" reductions in out-of-school children.
Tanzania trebled the proportion of national income spent on education and saw its primary enrolment rate double.
"Overall it's a story of success. We've managed to make great progress, but we must not stop," Dr Rose says.
There will also need to be a more targeted approach for those groups still missing out, she says.
The report published by Unesco shows how within countries there are deep inequalities in access to school - with the rich many times more likely to attend than their poorer compatriots.
Among wealthy families in African countries, enrolment rates are on a par with anything in the developed world.
But even the lowest level of school fees can be enough to exclude the poorest families.
It's not only children who are missing the barest of essentials in education.
There was also a target to cut adult illiteracy by half, also by 2015, which the report predicts has little chance of being achieved - a casualty of "government and donor indifference".
It means there are 775 million adults unable to read or write.
'Tinderbox'
It's not only individual life chances that will be lost.
The report highlights the deepening economic problem of the lack of skills needed for employment.
While there has been a focus on getting all children into primary school, in sub-Saharan Africa only 40% of youngsters stay on for secondary school.
Chris Stowers/PanosDespite the forecast of missing the target, millions more are in school. Pic: Chris Stowers/Panos

In countries with large young populations, the combination of a tough jobs market and poor education and qualifications is a political and social tinder-box.
There are huge potential gains for countries that can raise the standard of education, says Halsey Roberts, the World Bank's lead economist on education.
"Each additional year of schooling will increase an individual's wages by 8% or 10% for every year that he or she works, so that obviously has a tremendous effect on your lifetime earnings," he says. It will also bring wider benefits to families and their communities.
"If you look at the experience of East Asia, you can see that education can really transform societies.
"The best way to get across what education can mean for development is to look at an example like Korea."
South Korea, from a starting point of great poverty, has deliberately invested in education as a route to becoming a modern industrial power.
'Resource curse'
The progress of countries such as China, Peru and Ethiopia also shows that there is nothing inevitable about the link between poverty and poor performance in education, says Andreas Schleicher, head of education at the Organisation for Economic Co-operation and Development.
He has also highlighted the curious and counter-intuitive link between a wealth in natural resources and a dearth of success in education.

PRIMARY SCHOOL FOR ALL?

  • Since 2000, primary children without schools have fallen from 108 million to 61 million
  • Half of out-of-school children are in sub-Saharan Africa
  • Nigeria has most children out of school
  • India and Ethiopia made most progress
  • Extra 5.4 million primary teachers needed
  • International aid to education in 2010 was $13.5bn (£8.4bn)
  • Further $16bn (£10bn) needed to achieve universal primary education
  • Donations from US private foundations were 53% to health, 8% to education
This so-called "resource curse" shows that countries with very little natural resources appear to perform much better in education than those with an abundance of oil money.
The Unesco report says that if a fraction of the oil and mineral wealth in some African countries had gone to education, rather than military spending or lost to "mismanagement", they could educate their children without any need for international aid.
But was it ever really going to be possible to reach the target of universal primary education?
Clare Short represented the UK when the promise was made at the World Education Forum in 2000 in Dakar in Senegal.
"What's the point of a target that's easy to achieve? That doesn't change anything. We knew we were taking on something big," said Ms Short.
She strongly defends the setting of the target - and says that it delivered "big, driving change".
She also puts it into its historical context - coming in a window of optimism between end of the cold war and the beginning of the war on terror.
"The world was looking for something big to mark the millennium - the cold war was over, Nelson Mandela had been released from prison."
The setting of such measurable goals also represented a battle of ideas in international relations.
"How do you make the world safe? Is it lots of military spending or is it more children in the world being educated."
So what happens next?
Despite the gloomy prospects of reaching the target, the UN last month said it had secured a further $1.5bn (£0.93bn) to invest in primary education.
Gordon Brown says he wants to "concentrate the minds of governments and mobilise new resources".
"We know it's achievable," said Halsey Roberts. "The question is when."
Are you optimistic about another attempt to reach the goal of primary school for all children?
Without the early optimism, little would have changed. Without the additional commitment, little would change. However, having seen some of the schools, the conditions, and the needs, this time, the approach needs to change. Funding needs to be directed at the urgent infrastructure (physical, human, medical and technological) needs IN countries that are NOT bogged down in mismanagement AND have real policies, procedures and practices to build primary education. If this means by-passing the governments, NGOs and IGOs and getting it directly to people-on-the ground in a bottom-up approach, so be it. The future resources need to be invested in but it is time to change the way it has been done.
Malcolm Field, Japan
I would like to be optimistic, however I am not overly so. Despotic country leaders provide one of the problems. If the population is educated then it might rise up against the power hungry 'leaders' such that they lost their positions. Therefore it is better to keep the population as uneducated serfs. The same applies to religious fanatics, who appear not to have studied their religious books properly, as they try to stop education especially of girls. There is also the question as to what is meant by education. Is it a provision of a means to a better life with relevant skills or is it a mere regurgitation of facts to pass exams - as certain members of the British government want to implement. As an aside I am a teacher who has taught in developed and developing countries.
Jane, Essex, UK
It's a great target, and so what if it's not going to be achieved in time, if it's lead to nearly 50 million more children in school. Hopefully one day it will, but it will need continued media coverage to help ensure it remains a focus. Living in Nepal, and working with an organisation that carries out training for Nepali teachers especially in rural areas, I can see the impact improved access to education has had on families we know and the importance of not just getting children into school, but enabling them to stay in school for enough years to complete primary education.
Daniel Parnell, Kathmandu, Nepal
The millennium goals sound great on paper. And that's it! Education doesn't need more resources, it needs a change in the modus operandi, it's not a question of numbers, it's quality and detail.
Moses, Kampala Uganda
Can the world really keep its promise on schools? No! Not a chance. That would require international co-operation, political will, no exploitation by multi-nationals and a strong UN. The world is not ready for that - we're much too greedy.
David McCracken, Hong Kong

Sunday, October 14, 2012

ඔබට යන්නම ඕනෑ නම් ඔබ යන්න ඉතින් වෙන්වී මේ අරගයේ පුරා රැඳුනු ජවයත් අරගෙන........


seiruwensitin.blogspot.com, 14/10/2012

 

(මෙය අපැහැදිලි සටහනකි. ලිවීමට පටන්ගත්තේ ෆුටා වර්ජනය අත්හිටවුදා රාත්‍රියේය. එතැන් සිට වරින් වර ලිවීමි. එය සංස්කරණය කිරීමට උත්සාහ කළත් නිරර්ථක බව වැටහින. එනිසා එලෙසින්ම තබමි.)

මිනිසුන් යම් සටන් පාඨයක් වටා එකතුව එය වෙනුවෙන් පෙනී සිටින්නේත් , වැඩ කරන්නේත් හුදෙක් තාර්කිකව එය පැහැදිලි වන නිසා පමණක් නොව ඒ සමග අනුරාගිකව( මෙහි අනුරාගික යන වචනය මා යොදන්නේ passionate යන වචනය සඳහාය) බැඳෙන නිසා ද බව ෆුටා වර්ජනය අත්හිටුවීමට ගත් තීරණයෙන් පසු ලැබුණු ඇතැම් ප්‍රතිචාරවලින් හොඳට ම පැහැදිලිය. එවැනි ප්‍රතිචාරවලට මා සහ තවත් කිහිප දනෙකු  ලියූ ප්‍රතිචාර ද අනෙක් අතට එය ම සනාත කිරීමකි. එනිසා එවන් ප්‍රතිචාරවලින්  යම් සිත් රිදුමක් යමෙකුට ඇති වී නම් පළමුව සමාව අයදිමි. ඔබේ කර්කශ හා නිර්දය විවේචනත්, ඒවාට අප කිහිප දෙනෙකු දැක් වූ ඊට ම නොදෙවෙනි ප්‍රතිචාරත් යන දෙක ම අවසන් වශයෙන් පෙන්නුම් කරන්නේ ඔබත් අපත් ෆුටා අරගලය සමග කෙතරම් අනුරාගික බැඳී සිටියේද යන එක ම කරුණයි. මා සිතන ලෙස මෙතෙක් ෆුටා අරගලය ලබා ඇති ලොකු ම ජයග්‍රහණය ද මෙයයි. දේශපාලනික වශයෙන් නිර්වින්දනය කරනු ලැබ, පොදු සමාජ අවකාශයන් හකුලනු ලැබ, ස්වආත්ම වන්දනය ආගම බවට පත් කරනු ලැබ, පරිභෝජනය අනන්‍යතාව බවට පත්කරනු ලැබ, සකල සියලු මානව සහ ජිවන අයිතිවාසිකම් ‘දේශප්‍රේමයට’ බිලි දෙනු ලැබ, ඇති සමාජයක පොදු සටන්  පාඨයක් වටා මෙතරම් අනුරාගික ලෙස බැඳුනු මිනිසුන් පිරිසක් එක් කිරීම මෙවැනි කාලයක දේශපාලන ආශ්චර්යයකි. ෆුටා අරගලය පරාජය විනැයි යන්න මා පිළි නො ගන්නේ පරාජය භාරගැනීමට ඇති නොකැමැත්ත නිසා නොව එහි ජයග්‍රහණයන් ඉස්මතු කිරීම එහි ඉදිරි ගමනට අත්‍යවශ්‍ය වන නිසා ය.

අපි මුලින් පටන් ගනිමු. ෆුටා යනු කුමක්ද? ෆුටා යනු සාමාජික ආචාර්ය සංගම්වල එකතුවකි.  මේ ආචාර්ය සංගම්වල සාමාජිකයන් මුලික වශයෙන් තමන් අයත් වන වෘත්තීය සමිතියේ සාමාජිකත්වය ලබාගෙන ඇත්තේ සිය වෘත්තීය ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කරගැනීමේ අභිලාෂයෙනි. ‘ෆුටා’ යනුවෙන් ඉතා පහසුවෙන් තනි වචනයකට ගොනු කර පාවාදීමේ කතන්දර ගොතන බොහෝ දෙනා  අමතක කරන කරුණ නම්, 4000 ඉක්මවන එහි සාමාජිකත්වයේ ඇති විවිධත්වයයි; ඒ සාමාජිකත්වය එක පෙරමුණකට ගෙන එන්නට ෆුටා සමත් වූයේය යන කාරණයයි. විශේෂයෙන්ම තම වෘත්තීය අයිතිවාසිකම්  යන්නට ඍජුව “අදාළ නොවන”, සාමාජිකයා සහ සංගමය අතර ගිවිසුමට ඍජුව “අදාළ නො වන”, සටන් පාඨයක්  වටා ෆුටා සිය සාමාජිකත්වය පෙළගැස්වූයේය යන  කාරණයයි. රජයේ පාර්ශ්වයෙන් එල්ල වූ මූලික විරෝධය සහ විවේචනය ද මේ අදාළ නොවන ක්ෂේත්‍රයට ඇතුළුවීම පිළිබඳව විය. ෆුටා ඉල්ලීම් යට දේශපාලනය අරමුනක් තිබේය යන විවේචනය මතුව ආවේ ද 6% ඉල්ලීම නිසා මිස අනෙකුත් ඉල්ලීම් නිසා නොවේ. සමහර දෙනා විවේචනය කරන ආකාරයට 6% සටන් පාඨය යනු වැටුප් වැඩිකර ගැනීමේ “යටි අරමුණ” වෙනුවෙන් ජනතා ආකර්ෂණය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ අයිසින් සටන් පාඨයක් නම්, එය සාමාජිකයන් සහ සංගම් අතර පැවතිය යුතු  රහස් කුමන්ත්‍රණයකි. වෙනත් ලෙසකින් කිවහොත් “ අපි 6% කියල අයිසින් එකක දානවා ඒක ඒ තරම් සීරියස් ගන්න එපා” යනුවෙන් එකඟතාවක් පැවතිය යුතුය. එහෙත් ෆුටා සාමාජිකයන් මේ “අයිසින් එක” වෙනුවෙන් මාස තුනක් කටු කෑවේය. “අයිසින්” එක අයින් කරමු යයි කිසිවෙක් කිවේ නැත. සත්‍යය නම් ෆුටා සාමාජිකයන් 6% සටන් පාඨය තම ජීවිතවල කොටසක් කරගත් බව ය.  මේ පිරිස මාස තුනක් පුරා වැටුප් රහිතව, එක් අරමුනක් වෙනුවෙන් වැඩ කළේය; රැස්වීම්, පාගමන්, අත්සන් එකතු කිරීමේ ව්‍යාපාර, වැනි නොයෙකුත් ක්‍රියාකාරම් සංවිධානය කරමින් ඒවාට සහභාගී වුවේය. මේ සහභාගී වූ අය කවුද? චින්තන ධර්මදාස වරක් ලියා තිබුනේ ඔහුට විශ්වවීද්‍යාල අචාරයවරුන් මතක තිබුනේ පොදු පෙරමුණට ඡන්දය දෙන ලෙස පත්තරවල ඇඩ් දාන පිරිසක් ලෙස බවයි. චින්තනගේ අදහසටත් වඩා දරුණු ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිබඳව ෆුටා සභාපතිවරයාම මීට වසර ගණනාවකට පෙර ලියූ ලිපියක් ද අරගල කාලය තුළ “සොයාගනු” ලැබිණ.( මේ ගැන මුලින්ම සඳහන් කළේ නලින් ද සිල්වා විසිනි. උත්ප්‍රාසත්මක කරුණ නම් එම ලිපියේදී නිර්මාල් නලින් ද සිල්වාගේ රැකියාව අහිමි කිරීමටත්, ඒ පිළිබඳව ආචාර්ය සංගමය අනුගමනය කළ පිළිවෙතටත් එරෙහිව පෙනී සිටීමය. නලින් ද සිල්වාට පසු උසස් අධ්‍යාපන ඇමතිවරයා එය මාධ්‍යවේදීන්ට ඉදිරිපත් කළේය.) ෆුටා සාමාජිකයන් යනු උපන්ගෙයි විප්ලවවාදීන් පිරිසක් නොවේ. මේ මජර සමාජයේම ජිවත් වන පිරිසකි. මාස තුනක කාලය තුළ  ෆුටා එහි සාමාජිකත්වය වෙනස් කළේය. එය නව පරපුරක් බලගැන්වූ සහ පුහුණු කළ මාස තුනකි. අප සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීමේ එකම හේතුව ඉහලින් එන මර්ධනය පමණක් නොවේ. තිබෙන අවකාශය හෝ භාවිත කිරීමට පුරවැසියා ඉදිරිපත් නොවීම ද ඒ සඳහා බලපාන ප්‍රධාන කාරණයකි. විශ්වවිද්‍යාල දේශපාලනිකරණය සහ ස්වාධිනත්වය සම්බන්ධයෙන් ගත් විට ද මෙකරුණ මෙලෙසින්ම අදාළ ය. උදාහරණයක් ලෙස පීඨ සභා සහ සනාතන සභාවලට විශ්විද්‍යාල පරිපාලන ව්‍යුහය තුළ සැලකිය යුතු බලතල හිමිය. ඒවාට යම් බලපෑමක් කළ හැකිය. එහෙත් ශෝචනීය කරුණ නම් තීරණ ගැනීම කිහිප දෙනෙකුට පවරා බොහෝ දෙනා නිහඬව සිටීමය. බොහෝ විට හැමදාමත් ඒවායේ කථික තරඟ පැවැත්වෙන්නේ සුපුරුදු කථිකයන් කිහිප දෙනෙකු අතර පමණි. බහුතරයක් කට අරින්නේ අතරමගදී ලැබෙන කේක් කෑල්ල කෑමටත් තේ එක බීමටත් පමණි. එහෙත් මේ අරගලයේ ප්‍රතිපලයක් ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතරින් නව පරම්පරාවක් ඉදිරියට පැමිණ ඇත. ඔවුන් විසින් ඇති කරනු ලබන බලපෑම පිළිබඳව පුරෝකථනය කිරීමට දැන්ම ඉක්මන් වැඩි වුවත්, එක දෙයක් පැහැදිලිව ප්‍රකාශ කළ හැකිය. එනම්, මේ අරගලය පුරා ක්‍රියාශීලිව සිටි බොහෝ තරුණ ආචාර්යවරියන් සහ ආචාර්යවරුන් යළි සේවයට යනු ඇත්තේ මෙයට පෙර සිටි පුද්ගලයන් ලෙසම නො වන බවයි.

අනික් වැදගත් කරුණ වන්නේ මේ අරගලය තුළ දී  ෆුටා තම සාමාජිකත්වය අතර ගොඩනැගූ සහයෝගිතාවයි. පාවා දෙන්නන් අතලොස්සක් හැරුණු විට ෆුටා සාමාජිකයෝ තමතමන් අතර වන නිහඬ ගිවිසුමකින් මෙන් එක්ව බැඳී ගත්හ. ඔවුහු එකිනෙකා අතර සංවාදයක් ගොඩනගා ගත්හ. එය ඔවුන්ටම තම සමාජ වගකීම පිළිබඳ ස්වයංවිවේචනාත්මක ඇගයීමකට අවස්ථාව විවර කළේය. මෙය වැදගත් වන්නේ ආකල්පමය වෙනසක් සඳහාය. උදාහරණයක් ලෙස ෆුටා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් පිළිබඳව ඉදිරිපත් කළ මූලික තර්කයක් වූයේ පවතින වැටුප් තල නිසා බඳවාගැනීමේ සහ රඳවාගැනීමේ ගැටළුවක් පවතින බවය. මෙහි දී මතුකළ එක් ප්‍රධාන කරුණක් නම් ඒ වැටුප් තල තරඟකාරී නොවන බවය. මෙය සම්පුර්ණ සත්‍යයකි. එහෙත් දැනටත්මේ ප්‍රශ්නය තිබියදීම බොහෝ දෙනා විශ්වවිද්‍යාල අචාරයවරුන් ලෙස සේවය කරන්නේ ඒ වෘත්තියට ඇති කැමැත්ත නිසාය. වැටුප් තල වෙනස් කළ පමණින් ආචාර්යවරුන්ගේ ගුණාත්මකභාවය ඉහළ යන්නේ නැත. මගේ අදහස නම් දැණුම සොයායාම, නිෂ්පාදනය කිරීම සහ බෙදාහැරිම පිළිබඳ ලාලසාවකින් තොරව විශ්වවිද්‍යාල අචාර්යවරයා යන වෘත්තීයට යමෙකුට සාධාරණයක් කළ නොහැකි බවයි. සැබවින්ම එය විකල්ප ජිවන විලාසයක් සමග බැඳී තිබේ. උදාහරණයක් ලෙස ඉහළ වැටුපක් ලැබෙන නිසා පමණක්, එය පවතින පරිභෝජනවාදී සමාජයේ ගැඹුරටම කිමිදීමට අවස්ථාවක් උදා කරදෙනු ඇතැයි සිතා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස බැඳීමට යමෙකු තීරණය කළහොත් එවැන්නෙකුගෙන් එම වෘත්තියට සාධාරණයක් ඉටු වන්නේ නැත. එනිසා විශ්වවිද්‍යාල ආචාර්යවරයා යන විකල්ප ජිවන විලාසය බලාත්මක කිරීම හා එය ඉදිරියෙන් තැබීම ද වැටුප් තල තරඟකාරීව ඉහළට ගෙන ඒම තරමට ම වැදගත්ය. ෆුටා අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් බොහොමයක් සිය ජිවන භාවිතයෙන්ම මේ විකල්ප ජිවන විලාසය ප්‍රවර්ධනය කරන්නන් බව මගේ නිරීක්ෂණයයි.  ඔවුන් හා උරෙනුර ගැටී සටන් කළ නව පරම්පරාවේ තරුණ ආචාර්යවරුන් වණික් මහැදුරන් වෙනුවට තම වෘත්තියේ ආදර්ශරුප ලෙස මේ ජිවන භාවිතය ඉදිරියට ගෙන යතොත් එය ෆුටා අරගලය ලැබූ අමිල ජයග්‍රහණයක් වනු ඇත. මේ අරගලය  තුළ දී ඒ සඳහා ඉඩකඩ විවර වීමම වැදගත් දෙයකි.

වර්ජනය පැවති කාලයේ ෆුටා සහ පොදුවේ විශ්විද්‍යාල පිළිබඳව ඉදිරිපත් වූ විවේචනවලට කර්කෂ ප්‍රතිචාර දැක්වුවද (සැබවින්ම එවන් තත්වයක් යටතේ කළ යුතු නිවැරදිම දෙය එයයි) ඒ  ඇතැම් විවේචනවල සත්‍යතාවක් ඇති බව අප නිහතමානිව පිළිගත යුතුය. ඔහු ඒවා ඉදිරිපත් කළ විලාශය සහ අවස්ථාව ගැන එකඟ විය නොහැකි වුවත් මාලින්ද සෙනෙවිරත්න වැනි අය ඉදිරිපත් කළ දේවල අප සංවාදයට ලක් කළ යුතුමය. උදාහරණයක් ලෙස අපගේ විශ්වවිද්‍යාල පද්ධතියේ බුද්ධිමය දරිද්‍රතාව සහ අකාර්යක්ෂමතාව පිළිබඳ විවේචන අපට බැහැර කළ නො හැකිය.මෙහිලා සම්පත් හා ප්‍රතිපාදන ඌණතාව පිළිබඳ ගැටළු ඇතත්, විශ්වවිද්‍යාල ස්වාධිනත්වය පිළිබඳ කාරණයේදී මෙන්ම මෙහිදීද තිබෙන සම්පත් ආශ්‍රයෙන් උපරිමය කරනවාද යන ප්‍රශ්නය අප අවංකව සිතා බැලිය යුතුය. අනෙක් අතට මේ සිටින පරම්පරාවම ගැන බලාපොරොත්තු තබා ගන්නවා විනා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අඟහරු ලොවින් ආනයනය කිරීමට ද නො හැකිය. අපේ අරගලය මෙතැන් සිට ඉදිරියට යායුත්තේ අප තුළ ඇතිවිය යුතු වෙනස  කුමක්ද යන්න ද ඇතුළත්ව මිස, බාහිර වැරැද්ද පමණක් උලුප්පා දක්වමින් නොවේ. වෘත්තීය ගරුත්වය යනු වැටුප් පරිමාණය පමණක් නොවේ, මිනිසුන් අප පිළිබඳව දරන ආකල්පයද වෘත්තීය ගරුත්වයට ඇතුළත්ය. ඒ ආකල්පයට බලපාන්නේ අපගේ චර්යාවයි. ෆුටා යනු තවත් GMOA එකක් නොවන බව තහවුරු කිරීම අප ඉදිරියේ ඇති අභියෝගයකි. ෆුටා අරගලයේ වැදගත් ජයග්‍රහණයක් සේ මා දකින්නේ සිතන මතන නව තරුණ ආචාර්ය  පරපුරක් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳව ඇති විවේචනවලට අභිමුඛ කිරීමය.  ඔවුන් අතරින් ඉදිරියට පැමිණි ඇතැමුන් ස්වේච්ඡාවෙන් ඒවාට මුහුණ දෙමින්, පිළිතුරු සපයමින් ඒවා සමග ගැටෙනු ෆුටා අරගලය තුළදී නිරීක්ෂණය කළ හැකි විය. ෆුටා අරගලය එවන් විවේචනලට භාවිතයෙන් පිළිතුරු දිය හැකි ඉදිරිපෙළක් නිර්මාණය කිරීමේ පදනම දමා තිබේ.

මා මෙතෙක් ලිවේ ෆුටා අරගලය එහිම සාමාජිකත්වය සම්බන්ධයෙන් ගත් විට එයට කරන ලද බලපෑමය.  අපි දැන් වෙනත් ක්ෂේත්‍රයකට මාරු වෙමු. එනම් ආචාර්යවරුන් හා ශිෂ්‍යයන් අතර සම්බන්ධයයි. ඉතා පැහැදිලිව ෆුටා අරගලය එතෙක් ආචාර්යවරයා සහ ශිෂ්‍යයා අතර පැවති සම්බන්ධය විපරිවර්තනයට ලක් කළේය. යා දෙක නොරත රත ෆුටා අරගලයේදී පෑහුනේය. නොසැලකිය යුතු තරම් සුළු දෙනෙකු හැරෙන්නට සිසුන් මෙහිදී “ආචාර්යවරුන්ගේ අරගලයට” තමන් “පාවිච්චි කළා” යයි සිතන්නේ නැත. (මෙය ආචාර්යවරුන්ගේ අරගලය ලෙස හැඳින්විමම බරපතල වරදකි. ඇතැම් විට සමහර සිසුන් පවා අපි සර්ලගෙ අරගලයට සහයෝගය දුන්නා යයි කීම පිළිබඳව මම කිහිප වරක්ම සිතා ඇත්තෙමි. වැටුප් ඉහළ දැමීමේ ඉල්ලීම හැරුණු විට 6% ඉල්ලීම මෙන්ම විශ්වවිද්‍යාල ස්වාධිනත්වය හා නිර්දේෂපාලනිකරණය ඇතුළු අනික් ප්‍රධාන ඉල්ලීම් ඍජුව ම ශිෂ්‍යයන්ටත්, පොදුවේ මහජනයාටත් අදාළ ඉල්ලීම්ය. 6% අයිසින් එකක් යයි කියන අය විශ්වවිද්‍යාල ස්වාධිනත්වය පිළිබඳ ඉල්ලීම අයිසින් එකක් යයි නොකියන්නේ ඇයි? වැටුප් පිළිබඳ ඉල්ලීම වුව හරයාත්මක වශයෙන් ගත් විට විශ්වවිද්‍යාලවල අනාගතය සම්බන්ධ වුවක් වන අතර එනයින් ජාතික වැදගත් කමකින් යුතු ඉල්ලීමකි.) සිසුන් සහ ආචාර්යවරුන් බෙදා පාලනය කිරීමේ පිළිවෙත මින් පසු එතරම් පහසු වනු ඇතැයි මම නොසිතමි. අනෙක් අතට මෙය වැඩමුළු, දේශන, සම්මන්ත්‍රණ ගනණාවකින්වත් ඇති කළ නොහැකි තරමේ සංවාදයක් මේ දෙපිරිස අතර ඇති කළේය. සිසුන් අපගේ තීරණ හා ක්‍රියාමාර්ග ඍජුව විවේචනය කළ අවස්ථාවලදී දැක්වූ ස්වාධිනත්වය සහ නිර්භීතභාවය ආස්වාදජනකය. අපගේ විශ්වවිද්‍යාලවල බුද්ධිමය සංස්කෘතියක් පෝෂණයවීමට ඇති ප්‍රධාන බාධාවක් වන්නේ  ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය තුළදී සිසුන් මේ ස්වාධිනත්වය සහ නිර්භීතභාවය පෙන්නුම් නොකිරීමය.ආචාර්යවරයා බුද්ධිමය කුසීතයෙකු වන්නේ අභියෝගයක් නැති ශිෂ්‍යයා ඉදිරියේය.ඉදිරියේදී  පන්ති කාමරය තුළදීත් මේ ස්වාධිනත්වය සහ නිර්භීතභාවය සිසුන් කෙරෙන් ප්‍රකට වෙතොත් එයද මේ අරගලයෙන් ලද මහඟු ජයක් වනු ඇත. විශ්විද්‍යාල ශිෂ්‍යයා පිළිබඳව විශේෂයෙනුත්, විශ්වවිද්‍යාල පිළිබඳ පොදුවේත් අපකීර්තිමත් චිත්‍රයක් මවා පෑමට බොහෝ දෙනා යොදා ගන්නා නවකවදය වැනි නිශේධනීය කරුණු පිළිබඳව නයි-පොළොන් අන්තවල නොසිට සාධනීය සංවාදයක් මගින් පිළිතුරක් සෙවීමත්, මේ ඇතිකරගත් යහපත් සම්බන්ධය වැඩිදුර වර්ධනය කිරීමත් ගුරු-සිසු දෙපක්ෂයේ ම වගකීමය. අනෙක් අතට විවිධ මත දරණ සිසුහු මේ අරගලයේදී එකට වැඩ කළහ. අන් මතය කෙසේ හෝ යටපත් කොට තම මතය දිනවීමේ  ශිෂ්‍ය දේශපාලනයේ යල්පැනගිය ක්‍රමවේදය වෙනුවට තම මතය මත ශක්තිමත්ව දෙපා තබාගෙන අනෙකා සමග සංවාද කිරීමේත්, පොදු අරගලයකදී එක්ව වැඩ කිරීමේත් අත්දැකීම ඔවුන් ලබන්නට ඇත. සමස්තයක් ලෙස අපගේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට සංවාදප්‍රිය එහෙත් ශක්තිමත් ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස එකට බැඳී ඉදිරියට යාමේ මාවත විවර වී තිබේ. කෙටිකාලීන ගොඩ වැඩි කරගැනීමේ කෝණයෙන් නොබලා දිර්ඝකාලින ප්‍රතිපල සලකන්නේ නම් ශිෂ්‍ය ව්‍යාපාරය විසින් මේ ස්වර්ණමය අවස්ථාව මග නොහැරිය යුතුමය.   

තෙමසකට අධික කාලයක් දිග්ගැස්සුණු වර්ජනය අත්හිටවීමට ෆුටා ගත් තීරණය පාවාදීමක් ලෙස අර්ථකථනය කිරීමට පෙර අප ඒ වර්ජනය සිදුවූ සමාජ දේශපාලන වටපිටාව සැලකිල්ලට ගත යුතුය. රටෙහි ප්‍රබල විපක්ෂයක් නැත. වර්ජනය පැවති කාලයේදීම පැවැත්වුණු ආසන්නතම මැතිවරණ දෙකෙන්ම ආණ්ඩුව ජයග්‍රහණය කළේය. වංචා, දුෂණ, අක්‍රමිකතා, මර්දනය පිළිබඳ දහසකුත් එකක් චෝදනා පැවතියත් ආණ්ඩුව තවමත් ප්‍රබලය. ෆුටා අරගලයට මහජන සහය ලැබුණු බවත් ඡන්දය දීමෙන් ෆුටා අරගලයට විරුද්ධවීමක් අදහස් නොවන බවත්   සැබෑවකි. එහෙත් තම පාලනයට එරෙහි ප්‍රබල අභියෝගයක් නොපෙනෙන තත්වයක් තුළ කවර ඉල්ලීමක්වත් ලබා දීමට ආණ්ඩුවකට බලකෙරෙන්නේ නැත. ෆුටා අභියෝග කළේ එවැනි ආණ්ඩුවකටය; වරක් නිර්මාල් කීවාක් මෙන් තමන්ගේ හිසට ඉහළින් කපුටෙකුවත් ඉගිලිය යුතු නැතැයි සිතන තරමට බලයෙන් මත්ව සිටින පාලනයකටය. ෆුටා අරක නොකළේය, මේක නොකළේය, ජාතිවාදයට අභියෝග නොකළේය, යනාදී “විශ්ලේෂණ” ඉදිරිපත් කරන්නන් සියලු දෙනාට මග හැරෙන්නේ පශ්චාත් යුධමය ලංකාව තුළ මෙතෙක් දියත් කළ අභියෝගාත්මකම අරගලය ෆුටා අරගලය බවයි. එය දේශපාලනික මෙන්ම මතවාදීමය ජයග්‍රහණයකි. එය නිර්වින්දිත සමාජයක් වැරෙන් සෙලවූ අරගලයකි. කුහක නොවන ඕනෑම කෙනෙකුට, ගොබෙල්ස් මාධ්‍ය ජාලයකටත්, සංවිධිත මර්දන යාන්ත්‍රනයකටත්, මුහුණ දෙමින් ෆුටා ගෙනගිය අරගලයේ සමාජ දේශපාලනික වැදගත්කම අවතක්සේරු කළ නො හැකිය. ෆුටා සිය ඉල්ලීම් සියල්ල දිනා ගත්තේ නැති බව ඇත්තය. නමුත් ෆුටා මතය පැරදවීමට කිසිදු උත්සාහයකට හැකිවුයේ නැත. ගණන් හිලව් නැති ලියවිල්ලක් වුව අත්සන් කිරීමෙන් ෆුටා මතය පිළිගැනීමට ආණ්ඩුවට සිදු විය. ප්‍රතිපත්තිමය කරුණුවලට ඇඟිලි ගැසීමට වෘත්තීය සමිතිවලට අයිතියක් නැතැයි දැඩිව කියා සිටි ආණ්ඩුවක්, නාමිකව හෝ කැබිනට් පත්‍රිකාවක් අනුමත කළේය.

අනෙක් කරුණ නම් ෆුටා සාර්ථකව අධ්‍යාපන ප්‍රතිපත්ති හා ප්‍රතිපාදන පිලිබඳ සටන් පාඨය ලංකාවේ දේශපාලන කරළියට ගෙන ඒමය. ආණ්ඩුව කැමති වුවත් නැතත් ඉදිරි මැතිවරණවලදී අධ්‍යාපනය පිළිබඳ වැඩපිළිවෙල ඉදිරියට එනු ඇත. ඉන්දියාවේ පක්ෂවල මැතිවරණ පොරොන්දු අතරට අධ්‍යාපනයට ද.දේ.නි.යෙන්  6% වෙන් කිරීමේ පොරොන්දුව එක්වුයේ නිකම් නොවේ.  ඒ පිළිබඳව ගෙනගිය උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් වශයෙනි. පා ගමනට විපක්ෂ නායකයා සහ වෙනත් පක්ෂ නායකයන් සහ පාක්ෂිකයන් එක්වීම ෆුටා දේශපාලනීකරණය වීමක් ලෙස සරල ලෙස තේරුම් ගත් බොහෝ දෙනාට වෙනස්ව සත්‍ය වශයෙන්ම සිදු වුයේ එහි අනෙක් පැත්තයි. එනම් ලංකාවේ දේශපාලන අවකාශය ෆුටාකරණය වීමයි. සටන් පාඨයක්  අයිති කරගෙන සිටීමෙන් එය ජයග්‍රහණය කරන්නේ නැත. අයිතිකරගෙන බදාගෙන සිටීම ගැන කරදර වෙන්නේ එය දිනනවාද නැද්ද යන්නට වඩා එනිසා තමන් පැවතීම වැදගත් කොට සලකන්නේ නම්ය. වැදගත් වන්නේ සටන් පාඨයේ  අයිතිය නොව එය පැතිරවීමයි. 6% සටන් පාඨය සිය පාක්ෂිකයාට පැතිරවීම රනිල් වික්‍රමසිංහ මහතාම භාර ගන්න විට ෆුටා එක නෑ නෑ ඒක අපිම කරන්නම් යයි කිවයුතු නැත. ඉතා නිවැරදි ලෙස ෆුටා නියම මොහොතේදී ලංකාවේ දේශපාලන අවකාශයට අධ්‍යාපනය පිළිබඳ ගැටලුව ඇතුළු කොට තිබේ. සමහරවිට ඊළඟ මැතිවරණයකදී පරණ යුද ජයග්‍රහණ තුරුම්පුවට ඉහළින් එසවෙන තුරුම්පු ආසියා එය වීමට හොඳටම ඉඩ විවර වී තිබේ. අප වැඩ කළ යුත්තේ එය අනිවාර්යයක් කිරීමටය.

මේ සියල්ල ලියූ පසු මට මතකයට එන්නේ ෆුටා වර්ජනය නැවත්වීම පිළිබඳව කනස්සල්ල පල කළ මොරටුව සරසවියේ සිසුවෙක් කියූ කතාවකි. මා මුලින් ද  කිවූ ලෙස ඔහු මේ අරගලය සමග කෙතරම් අනුරාගිකව බැඳී සිටියේද යන්න ඔහු දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීමෙන් මොනවට පැහැදිලි විය. මගේ මතකයේ හැටියට ඔහු ඇසුවේ “ඔය ලොකු ලොකු ගුණාත්මක කතා වැඩක් නෑ ප්‍රමාණාත්මකව කියන්න ලැබුණු දේ මොනවද කියලා” යන්නය. මෙයින් මට හැඟී ගිය දෙයක් නම් දැන් දැන් අපේ චින්තනය මැනේජ්මන්ට්කරණය වෙමින් ඇති බවකි. ඒ කියන්නේ අපි හැමදේම පිළිබඳව කළමනාකරණයේ භාෂාවෙන් සිතන්නට ආරම්භ කර ඇති බවකි. මා අසා ඇති ආකාරයට නම් ප්‍රමාණය ගුණය බවටත් ගුණය ප්‍රමාණය බවටත් පරිවර්තනය වේ.

Professor Atta-Ur-Rahman’s Hardtalk



 

article_image
by Susil Sirivardana

September 27th 2012 was an unforgettable day in the annals of the intellectual life of this country. The occasion was the Lecture by Professor Atta-ur-Rahman, Fellow of the Royal Society, to a representative gathering of concerned Sri Lankans who filled the Vidyamandira in the morning. I prefer the title Hardtlalk, because that was what it really was in our particular context. A Hardtalk has the characteristics of being challenging, rigorous, deep, lucid, and firmly grounded in praxis.

His listeners were inspired and touched by the warmth and simplicity with which this visionary scientist spoke of his country’s, Pakistan’s, incredible achievements in Higher Education, particularly Science and Technology. The event was jointly hosted by the Sri Lanka Association for the Advancement of Science and the National Academy of Sciences. The topic was ``DEVELOPMENT OF SCIENCE AND TECHNOLOGY AND INNOVATION.’’

How ironical it was that he was empathetically sharing the experiences of our friendly neighbour when our university academics were walking on their long march of their struggle for some Fundamentals of Higher Education in the country, in solidarity with students and the sympathetic public.

There was a further irony and paradox to Prof. Atta’s thoughts. That was our perception of Pakistan itself, as a country embroiled in a life and death struggle by its citizens to rescue its democratic fabric from the jaws of civil war. In this context the issue was the redemptive and transformative role of committed intellectuals to wage peace and forge alternatives by creating developmental space where none was thought to exist.

The Story

The story is completely contemporary; actually from 2000 onwards. He returns to Pakistan in 1989 after nine years at Cambridge .The first challenge he sets himself is to build from scratch an advanced laboratory for him to work in the University of Karachchi. His approach is instructive. He writes over a 100 letters to prestigious institutions requesting them for a spectrophotometer(?), and a firm from Germany volunteers to donate one. The machine arrives and has to be installed. Then he goes to the Bank of Pakistan and talks to its Chairman, who is sufficiently convinced by the man’s social commitment, that the Bank offers to gift the cost of setting it up.

From this initial period to the year 2000, he does his homework. He prepares himself. He makes a critical study of the Pakistani Science and Technology structures and policies to identify its stage of development. That is none other than laying the foundations for a modern advanced Science and Technology fundamental research base. Hence the recurring key word in his story, innovation. Every step he takes is vital, until innovation generates its own momentum and spawns more innovations .This issue of the stage of development is an essential fundamental step because it is only then you can correctly understand the conditions needed for secondary developments. So there is a sequencing in the process. You cannot incautiously plunge in.

From 2000-2002 he was the Federal Minister of Science and Technology and Advisor on S&T to the President. He was Federal Minister of Education from 2002. From 2002 to 2008 he was the Chairman of the Higher Education Commission (HEC), reporting directly to the President. This enabled him to meet President Musharef and convince him that Pakistan could emerge as a world class science and technology player within a foreseeable period provided the political will was there. And he was very clear that it was he who took upon himself the task of convincing the President. He then said that the Prseident had a Vision for Pakistan which clicked with what he was advocating. Thus he won over the President to a major sea change in S & T praxis. That triggered a long chain of change .

He had a free hand thereafter. He reported directly to the President and had direct access.

The next important change was the replacement of the pre-existing University Grants Commission with a new Higher Education Commission, directly under the President. It didn’t come within the purview of a Ministry. Into that HEC he drew in the crème de la creme of the Pakistani intellectual community, with the necessary regional and cultural balance. But there was no compromising on meritocracy. The meritocratic principle was a golden thread that ran through all innovations. With that, he had ample leverage to innovate further For example, the massive new finances needed, were forthcoming because of Presidential command.

Thereafter the systematic laying down of the foundations for the new modern advanced S&T structures was handled. Once again a sequence was observed. One billion dollars was used for sending 11,000 young scientists abroad to the best internationaal S&T institutions for their Ph.Ds. In order to incentivize them to come back, each of them was assured a $100,000 grant for them to set up their research projects after coming back to bridge the time gap till their university placements were in place.

An imporant policy innovation was the "tenure track" concept. That meant that they had to submit themselves to an International Review Panel for them to get permanent tenure. Once they passed the "tenure track" review, they graduated to earn $5,000 a month, which was around five times the salary of a Federal Minister. The preexisting cadre, who were already in their academic positions, were given the "choice" of either submitting themselves to the Review or continuing at their old salary levels. So there was no threat.

Each new institution ran on the basis of critical masses of outstanding scientists. Their mission was to make their institutions into centres of excellemce. So rigorous standard setting started and proceeded for every step in the overall process. There was synergy as far as standards and meritocracy went. Most importantly, what was happening was that a new Culture of Excellence was being created at a higher level than the preexisting culture. It was led by seniors but the sheet anchor were the brilliant young men and women of Pakistan, drawn from every nook and cranny of the country.

For us in Sri Lanka, we are provoked to ask, whether this was not the dream of C.W.W.Kannangara’s Free Education policy and ideal. His vision was one of creating excellence in the 54 Central Schools.

What was Prof Atta really doing in essence? He was offering a very particular quality of leadership and new liberative space through using very transparent and equitable procedures.

The results were unbelievable. Exponential increases in numbers were taking place. University enrollement tripled from 135,000 in 2003 to 400,000 in 2008. During the 56 year period from 1947-2003 not a single Pakistani University could be ranked among the top 600 universities in the world. Today five of them are in this rank, with the National University of Science and Technology, standing at a very respectable rank of 350. Promoted research published in international research publications rose from only 600 research papers in 2003 to 4,300 papers in 2008. He established the finest Digital Library in Pakistan. Every public sector student now has access to 45,000 textbooks and research monographs from 220 international publishers and 25,000 international research journals. Fifty one new universities and degree awarding institutes and eighteen campuses of existing universities were established during 2003-2008.

Pertinent Questions

Most pertinent were the questions asked. Here is a sampling.

For all these revolutionary innovations, where did you get the money? Was it privately funded by industries and similar sources,or was it state funded? He first did a survey of sources of funding in a sample of developed industrialized countries to ascertain how they had solved their problem. He was surprised to find that in 92% of cases, they were all State funded. So the argument of private funding for innovation, given the conditions of Pakistan and Sri Lanka, was a myth. For laying foundational structures, it is only the State that can provide the resources.

The issue of language was broached. In what language did all these thousands and thousands of young scientists study? In Pakistan’s education system, they had retained English .They never gave it up. So there was no insurmountable challenge for the young scientists to go abroad and do further research.

Scholarhsips and grants played a major incentivizing and credibility-building role. Advanced science does not come cheap. In order to build up the foundations and set up the institutions, you need huge sums of money. The point was that Pakistan could nationally afford it. This was the great discovery which Prof Atta made. The missing piece in the puzzle was political will and vision. He used scholarships and grants to draw in the best, convince them that they had a an important role to play when they return home after their doctoral research and further, that they were the builders of a new layer of science and technology in Pakistan, which would graduate to sharing a global platform with developed countries. And it is happening now. Today all the best scientists from all over the world are coming to Pakistan for intellectual exchanges. Today Pakistan is a global centre for S&T research. So much so, that India and China are studying and drawing lessons from their example.

What about autonomy and merit? He said that all these institutions and universities were totally autonomous. There cannot be any external interference, he emphasized. It was clear to the audience that they had divested politics and external influences completely from university structures.

There were cascades of laughter at one point. He said how at one time there was a University Grants Commission in Pakistan. But it was scrapped and its position was taken by the Higher Education Commission already referred to. The HEC functioned directly under the President.

In answering a question, he cautioned against adventurism. You have to create the conditions first and then move forward. He was very clear on this. This is the issue of stages of development, sequencing and offering the correct incentives, together with fair choices and equity. The question also adverted to differing salary levels .Won’t parallel staff object and protest against sharply differing salary structures. You need to be circumspect .We were mindful of such pitfalls When we offered the higher scales, we offered it to all. That is those who had been in the system for a long time and the newcomers. Only they had to appear before the Review Committee and pass the stringent tests and standards. Whether to come before the Review Committee was left to them.

What about hostile critics and opposition to innovation and change? Oh there was a lot of it. But we were ready for it and we expected it. Change always threatens those conditioned to drift and status quo-ism. But this lasts only for a limited transitional period, maybe two, three or four years. By that time the innovations start to show results, the climate of skepticism erodes. Thereafter you can maneuver the process so that people buy into change. New norms replace obsolete ones as a matter of course.

Prof Atta in his humility was not triumphalist about all this. His position was that you could do this in any South Asian country, Sri Lanka included. He asserted that we should join together and do it. It was our birthright to graduate into change, innovation and higher levels of praxis. He offered to meet our President and show him the power point presentation.

To Conclude

How should we look at a man like Prof Atta? How do we characterize him? A Prophet, a Modernist, a Visionary, a Tagorean Scientist? That is a fascinating question.

For me, the last slide he showed revealed the answer. He had shown it earlier but came back to that image to end his Hardtalk. It was a slide of a group of young Pakistani scientist daughters and sons, confidently smiling for the camera. They were those who had come through his new birth. They were the new 21st century Pakistan. That gives us the clue to Prof Atta.

Here was a man rooted in his people and culture. So there is no question of him selfishly enjoying the luxuries of the West. He comes back full of optimism. I am a born optimist, he said. That is optimism coming out of self confidence and roots in his culture and civilization. He is deeply political in the best sense of the word. He sensitively understands the whirligig of realpolitik. He is confident to talk to and convince the Head of State. It was he who did the convincing of the President. True, the credit is shared by the President himself, who could empathize with Prof Atta’s vision. Both visions were conjoined - that is how great breakthroughs are made.

Therefore Prof Atta is a civilizational figure in the Tagorean sense. He is far too big to be mired in nationalism. He thinks and dreams as a utopian, with his feet firmly on the Pakistani ground.

Thank you Prof Atta for this bonanza of inspiration and example .What we heard was how the new Asian Millenium was being born.

The two host institutions could do a great service by bringing out a slim booklet on the presentation and republishing it in all the national languages.