Friday, November 11, 2011

කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් අත්තනෝමතික ලෙස පංති තහනමට ලක් කෙරේ

 



කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ දෙවන වසර ඉගෙනුම ලබන මාධවී මධුෂානී ශිෂ්‍යාව, උපකුලපතිවරියට දුරකථනයෙන් කතාකර සිය ගැටළුවක් ඉදිරිපත්කිරීම නිසා විනය පරීක්‍ෂණයකට කැඳවා ඇත. ඇය විනය විරෝධී අයුරින් හැසිරුනේ යැයි කියමින් ඉතාමත් සාහසික අන්දමින් ඇයගේ දෙමාපියන්ට හා ඇය ඉගෙනගත් පාසලට ලිපි යැවීමට කටයුතු කර ඇත. එම නිසා එම ශිෂ්‍යාව දැඩි අපහසුතාවකට පත්ව ඇත.

උපකුලපතිවරියගේ මෙම ක‍්‍රියාව අප දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින අතර මෙවැනි අයුත්ති සහගත දේ යළිත් සිදු නොවීමට නම් විශ්වවිද්‍යාල පාලකයන්ගේ මෙවැනි විකෘති සහගත හැසිරීම් රටට හෙලිදරවි කළ යුතුය.

පසුගිය 25 වනදා වනවිට දෙවන වසර සිසුන්ට සියලූම නේවාසිකාගාරවලින් ඉවත් විමට දැනුම් දී තිබුණි. බොරලැස්ගමුවේ පිහිටි කාන්තා නේවාසිකාගාරයේ ශිෂ්‍යාවන්ට මෙසේ ඉවත්වීමේ දී ඔවුන්ගේ බඩු බාහිරාදිය ඉවත් කරගැනීම සඳහා විශ්වවිද්‍යාලයේ බස්රථය ලබාදීමට මුලින් එකඟ වී තිබුණද ප.ව.5.30 වන විටත් එය නේවාසිකාගාරය වෙත පැමිණ නොතිබූ හෙයින් මෙම ශිෂ්‍යාව මේ පිළිබඳව මුලින්ම නේවාසිකාගාර පාලකතුමියටත්, විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකුටත් දැනුම් දී විසඳුමක් නොලැබීම නිසා පසුව උපකුළපතිතුමියට දුරකථනයෙන් අමතා මේ පිළිබඳව විමසා ඇත.

එහිදී ඒ පිළිබඳව තමන්ට වගකීමක් නැතැයි පවසා දුරකථනය විසන්ධිකර ඇති එතුමිය, පසුව ශිෂ්‍යාවට දුරකථනයෙන් අමතා ඇයගේ නම, ලිපිනය, පීඨය පිළිබඳව තොරතුරු ලබාගැනීමෙන් ඉක්බිති, එතුමියට කතා කිරීම නොකළ යුත්තක් බවත් ඒ නිසා ඉදිරියේ දී විනය පරීක්ෂණයකට මුහුණදීමට සිදුවනු ඇති බවත් තර්ජනාත්මකව පවසා ඇත. විනය පරීක්ෂණය සඳහා ලිපි යවා ඇත්තේ ඉන් අනතුරුව වන අතර මෙම සිදුවීම විශ්වවිද්‍යාල තුළ සිසුන්ගේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පෙන්වන පැතිකඩක් වේ.


No comments: