Divaina.com, 03/12/2012සරත් ධර්මසේන
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව කරනු ලබන දොaෂාභියෝග පරීක්ෂණය අපක්ෂපාතීව සහ විනිවිද දකින ආකාරයට සිදුවිය යුතු යෑයි ඇයගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03 වැනිදා) සවස පැවැති රැස්වීමට සහභාගි වූ මහාධිකරණ, දිසාඅධිකරණ, මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එම නිවේදනයේ සඳහන් අන්දමට විනිසුරුවරු එම අදහස් දක්වා ඇත්තේ අදාළ පාර්ශ්වවලට කෙරෙන යෝජනාවක් හැටියටයි. තවද චෝදනා එල්ල කරන පාර්ශ්වයන් විසින්ම චෝදනා විමර්ශනය කර තීරණයක් ලබාදීමට ඉඩකඩ සලස්වා තිබීම සැබෑ යුක්තියේ මූලධර්ම උල්ලංඝනය කිරීමක් ලෙස තමන් දකින බවද නිවේදනයේ සඳහන් කර ඇත.
එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
අගවිනිසුරුවරියට එරෙහිව නගා ඇති චෝදනාවලට අදාළ පරීක්ෂණ කටයුතු සිද්ධවෙමින් පවතින ආකාරය පිළිබඳ අපගේ අවධානය යොමුවී ඇත. අපට පෙනී යන පරිදි අගවිනිසුරුවරියත් අධිකරණයේත් ගෞරවය කෙළෙසන ආකාරයේ මාධ්‍ය හැසිරීම් දක්නට ඇත. එබැවින් එලෙස මාධ්‍ය මගින් අධිකරණයට කෙරෙන සියලු අපහාසාත්මක ප්‍රකාශ නතර කළ යුතු බව අප යෝජනා කරන්නෙමු.
එවැනි අපහාසාත්මක ප්‍රකාශ පෞද්ගලිකව අගවිනිසුරුවරියට පමණක් නොව පොදුවේ අධිකරණයේ ගරුත්වයට බලපාන බවද එමගින් නීතියේ ආධිපත්‍ය බිඳවැටීම තුළින් රටට සිදුවන බරපතළ හානිය පිළිබඳව අවධානය යොමු කරන ලෙසද ඉල්ලා සිටිමු. එසේම අගවිනිසුරුවරියට එරෙහිව කරනු ලබන පරීක්ෂණය විනිවිද දකින ආකාරයෙනුත් සිදුවිය යුතු බවට අප යෝජනා කරන්නෙමු.
තවද චෝදනා එල්ල කරන පාර්ශ්වය විසින්ම චෝදනා විමර්ශනය කර තීරණයක් ලබාදීම සඳහා එම පාර්ශ්වයෙන්ම 07 ක් සහ වෙනත් පාර්ශ්වවල සාමාජිකයන් 04 කින් සමන්විත මණ්ඩලයක් පත්කිරීම සැබෑ යුක්තියේ මූලධර්මයන් නිර්දය ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර ලෝකයේ කිසිම රටක චෝදනා එල්ල කරන පාර්ශ්වයන් චෝදනා සම්බන්ධයෙන් තීරණ ගැනීමක් සිදු නොවන බවද අවධාරණය කරමු.
(උපරිමාධිකරණ සංකීර්ණයේදී අගවිනිසුරුවරියගේ නිල කාමරය අසල පිහිටි ශ්‍රවණාගාරයේදී මේ රැස්වීම පැවැත්විණි.)
We are a concerned group of academics fighting to ensure the opportunity of high quality public higher education for the Sri Lankan masses. This blog is intended as a bulletin board to share news and ideas relevant to the cause. The views and opinions expressed here do not necessarily represent the views and opinions of the FUTA. If you wish to post any interesting articles please e-mail them to uteachers.sl at gmail.com

Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment