www.divaina.com, 30/05/2012
නිලන්ත මදුරාවල
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පෞද්ගලික මගී ප්‍රවාහන සේවාව හා සමාන යෑයිද එකම අරමුණ ලාභය විනා සේවය නොවන බවද විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය.
නිදහස් අධ්‍යාපනය මෙන්ම නිදහස් සෞඛ්‍යයද රැක ගැනීමේ තීරණාත්මක අවස්ථාවක් පැමිණ ඇතැයිද බල්ලො මරා හෝ මුදල් ඉපයීමේ පිළිවෙතක සිට ආණ්ඩුව කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.
සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි සංවිධාන සහ විද්වත් එකමුතුව මෙහෙයවීමෙන් මරදාන සමාජයීය සාමයික කේන්ද්‍රයේ ඊයේ (29 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කරුණු දැක්වීම සඳහා පැවැති මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළකළ දේවසිරි මහතා කුමන ආකාරයෙන් හෝ මුදල් ඉපයීමේ ප්‍රවණතාව සෑම ක්ෂේත්රයකම පවතින බවත් ආණ්ඩුවට අවශ්‍ය වන්නේද සෑම ක්ෂේත්රයක්ම ඒ තත්ත්වයට පත්කිරීම බවත් සඳහන් කළේය.
ලංකාවේ පෞද්ගලික පාසල් ක්‍රියාත්මක වුවද රජයේ පාසල් හා එම පාසල් අතර විශාල වෙනසක් නොපවතින බවද එහෙත් පෞද්ගලික උපාධි කඩයක තත්ත්වය හා අරමුණ ඊට හාත්පසින්ම වෙනස් බවද කී සභාපතිවරයා අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි ක්ෂේත්‍ර කඩවල අලෙවි කිරීමට ඉඩ දියයුතු නැතැයිද පැවසීය.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි සංවිධාන හා විද්වත් එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය අසංග වික්‍රමසිංහ මහතා මෙහිදි සඳහන් කළේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනතා පෙත්සමක්a අත්සන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවය.
මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ නීති විරෝධී තත්ත්වය පිළිබඳව සඳහන් කරමින් ජනාධිපතිවරයාට සහ උසස් අධ්‍යාපන ඇමැතිවරයාට මේ වන විට ලිපි යවා ඇතැයිද සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් එම ලිපිය යවන බවද ඒ මහතා කීවේය.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි වෛද්‍යවරුන්ගේ සංවිධාන කැඳවුම්කරු වෛද්‍ය ඉඳුනිල් විඡේනායක, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ යන මහත්වරුද අදහස් දැක්වූහ.
We are a concerned group of academics fighting to ensure the opportunity of high quality public higher education for the Sri Lankan masses. This blog is intended as a bulletin board to share news and ideas relevant to the cause. The views and opinions expressed here do not necessarily represent the views and opinions of the FUTA. If you wish to post any interesting articles please e-mail them to uteachers.sl at gmail.com

Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment